Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බුජ්ජොමුව පාලම ස්ථිරව හදන්න දුම්රිය ගමනේ සීමාවක්

    March 27, 2026

    පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා උත්සව සමයේ විශේෂ වැටලීම්

    March 27, 2026

    කෝටියක “අයිස්” සමඟ තැපැල් සේවකයා මාට්ටු

    March 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»ඉදිරි සංවර්ධන සැලසුම් ගැන ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්
    Business

    ඉදිරි සංවර්ධන සැලසුම් ගැන ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

    By LFNNovember 18, 2022Updated:November 18, 2022No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ පැවති මෙම සාකච්ඡාවේ දී මෙරට ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ දීර්ඝ ලෙස විමසා බැලිනි.

    රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය සහ පද්ධතිමය අවදානම් අඩු කිරීම, බලශක්ති අංශයේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම හා කාබන් විමෝචනය අඩු කිරීම, ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව අවම කිරීම සහ ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, පුද්ගලික ප්‍රාග්ධනය ක්‍රියාත්මක කිරීම සහ එමඟින් බ්‍රෝඩ්බෑන්ඩ් වෙළෙඳපොළේ තරගකාරිත්වයක් ඇති කිරීම, සමාජ ආරක්ෂණ ආයතන ශක්තිමත් කිරීම හා බෙදාහැරීමේ පද්ධති ඉලක්කගත කිරීම යනාදී ක්ෂේත්‍ර අටක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා ද ඉදිරිපත් කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ඉහළට

    March 26, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    බුජ්ජොමුව පාලම ස්ථිරව හදන්න දුම්රිය ගමනේ සීමාවක්

    March 27, 2026075 Views

    දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ අඹේපුස්ස -අලව්ව අතර බුජ්ජොමුව පාලම ස්ථිරව සවිකිරීම සඳහා දුම්රිය…

    පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා උත්සව සමයේ විශේෂ වැටලීම්

    March 27, 2026

    කෝටියක “අයිස්” සමඟ තැපැල් සේවකයා මාට්ටු

    March 27, 2026

    උණුසුම් කාලගුණය මැයි මාසය දක්වා

    March 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.