Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රට යළි ගොඩනැගීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    December 11, 2025

    අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම ගැන අතුරු නියෝගයක්

    December 11, 2025

    ශ්‍රී ලංකාව යථාවත් කිරීමේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කරයි

    December 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
    Featured

    ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

    By LFNNovember 17, 2022No Comments1 Min Read235 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (17) නියෝග කළේය.

    එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සම්බන්ධ නොමැති බාහිර පාර්ශවයක් පැමිණ තම සේවාදායිකාවට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළේය.

    නඩුවට සම්බන්ධ නොමැති බාහිර පාර්ශවයකට මෙවැනි නියෝගයක් ලබාගැනීමට හැකියාවක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

    එබැවින් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීමට පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සහ සමගි ජන බලවේගයේ මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද විරෝධය පළකර සිටියහ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 15 වන දා ප්‍රකාශයට පත් කරන බවය.

    එතෙක් විදේශ ගමන් තහනම දීර්ඝ කරන බවද මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

    ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුකර ලෙස ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී එම කරුණු ඉදිරිපත් කිරීම සිදුවුණි.F

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රට යළි ගොඩනැගීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    December 11, 2025

    අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම ගැන අතුරු නියෝගයක්

    December 11, 2025

    ශ්‍රී ලංකාව යථාවත් කිරීමේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කරයි

    December 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    රට යළි ගොඩනැගීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    December 11, 20250118 Views

    හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ…

    අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම ගැන අතුරු නියෝගයක්

    December 11, 2025

    ශ්‍රී ලංකාව යථාවත් කිරීමේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කරයි

    December 11, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    December 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.