Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 2026

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉස්තාන්බුල් නුවර බෝම්බ පිපිරුමක්
    International

    ඉස්තාන්බුල් නුවර බෝම්බ පිපිරුමක්

    By LFNNovember 15, 2022Updated:November 17, 2022No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තුර්කියේ ඉස්තාන්බුල් නුවර ජනාකීර්ණ වීදියක බෝම්බයක් පුපුරා යෑමෙන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 81 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් එරට මාධ්‍ය පවසයි.

    තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්ත්වර බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. බෝම්බ පිපිරුම සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට ආරම්භ වී ඇති අතර, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පැවැසුවේ, එය ත්‍රස්ත ක්‍රියාවක් බවය.

    බෝම්බය පුපුරා ගියේ ඉස්තාන්බුල් නුවර, බෙයොග්ලූ දිස්ත්‍රික්කයේ පිහිටි ඉස්තිකාල් වීදියේය. ඉස්තාන්බුල් යනු තුර්කියේ විශාලතම නගරයයි. මෙය සංචාරක ආකර්ශනයකි.

    තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලූ මාධ්‍ය හමුවේ කියා සිටියේ බෝම්බය ඉස්තිකාල් වීදියේ දමා ගිය තැනැත්තා අත්අඩංගුවට ගත් බවය. එම තැනැත්තා සම්බන්ධයෙන් ඔහු වැඩි විස්තර අනාවරණය කර නැත.

    මේ අතර, බෝම්බය දමා ගියේ යැයි සැක කෙරෙන තරුණියක ගැන තුර්කි ආරක්ෂක අංශ විමසිල්ලෙන් පසුවන බව ද දැනගන්න ලැබේ. එම තරුණිය වීදියේ සැරිසරන ආකාරය ඇතුළත් සීසීටීවී ආරක්ෂක කැමරා දසුන් මේ වනවිට අල් ජසීරා පුවත් සේවය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

    අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලූ සෘජුව චෝදනා නගා ඇත්තේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරය පසුපස කුර්දිස්තාන කම්කරු පක්ෂ සන්නද්ධ බෙදුම්වාදීන් සිටින බවත්ය.

    (රොයිටර්)

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක බලවතුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි

    May 14, 2026

    මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියලුදෙනා බේරාගත් විශ්මිත ගුවන් මෙහෙයුම

    May 14, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 202600 Views

    අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක්…

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026

    ශිෂ්‍යත්ව විභාගයට අදාළ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.