Close Menu
Lanka Focus News
    What's Hot

    ”යළි දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නැහැ” -කංචන විජේසේකර

    November 14, 2026

    විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

    November 13, 2026

    ගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    November 13, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»”යළි දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නැහැ” -කංචන විජේසේකර
    Hot News

    ”යළි දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නැහැ” -කංචන විජේසේකර

    By LFNNovember 14, 2026No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන්ට යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    සිය සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් අද (14) හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    – උපුටා ගැනීම-

    අද, නොවැම්බර් 14 වැනිදා මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කරනවා. ඉන් පළමුවැන්න මගේ පියාගේ 84 වැනි ජන්ම දිනය සිහිපත් කිරීමයි. ඔහු අප හැර ගිය පසු එළැඹෙන පළමු උපන්දිනය ද මෙයයි..

    මීට වසර දෙකකට පෙර අද වැනි දිනයක මම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළෙමි. එහි ප්‍රතිඵලය මා බලාපොරොත්තු වූ පරිදි නොවූවද, එය මගේ ජීවිතයේ වැදගත් පරිච්ඡේදයක් විය. ඉන් මාසයකට පසු මම දේශපාලනයෙන් සහ ඊට අදාළ සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වීමි.

    දේශපාලනයේ නිරතව සිටි කාලය තුළ මට ලැබුණු අවස්ථා මෙන්ම, මා කෙරෙහි තැබූ විශ්වාසය සහ මා සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු සියලු දෙනාගෙන් ලැබුණු මඟපෙන්වීම්, නායකත්වය සහ දිරිගැන්වීම් වෙනුවෙන් මම අවංකවම කෘතඥ වෙමි. එම කාල පරිච්ඡේදය දෙස අද යළි හැරී බලන්නේ කෘතඥතාවයෙනි.

    දේශපාලන ක්ෂේත්‍රයේ සිට ආයතනික ක්ෂේත්‍රයට මාරු වීමේ ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට මාස 23ක් ගත වී ඇත. එය මුලින් අර්ධකාලීන කටයුත්තක් ලෙස ආරම්භ වුවද, ක්‍රමයෙන් පූර්ණකාලීන වගකීමක් සහ කැපවීමක් බවට පත්ව ඇත. මම එම කාර්යය අවංකවම භුක්ති විඳින අතර, එය මට මහත් තෘප්තියක් ද ගෙන දෙයි.

    ජීවිතයේ සෑම පරිච්ඡේදයකටම ඊට ආවේණික වූ අරමුණක් පවතී. ඇතැම් පරිච්ඡේද අපට යම් යම් පාඩම් උගන්වන අතර, තවත් සමහරක් අපව හැඩගස්වයි. ඇතැම් අවස්ථාවලදී ඒවා අප සම්පූර්ණයෙන්ම වෙනස් ගමනක් සඳහා සූදානම් කරයි. අද දිනය මට සිහිපත් කිරීම්, ආවර්ජනය කිරීම් සහ කෘතඥතාව පළකිරීම්වලින් පිරුණු දිනයකි.

    – උපුටා ගැනීම අවසන් –

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

    November 13, 2026

    ගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    November 13, 2026

    මහා කන්නයේ මී උණ අවදානම ඉහළට

    November 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,484 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,433 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,632 Views
    Don't Miss

    ”යළි දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නැහැ” -කංචන විජේසේකර

    November 14, 202600 Views

    තමන්ට යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා…

    විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

    November 13, 2026

    ගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    November 13, 2026

    මහා කන්නයේ මී උණ අවදානම ඉහළට

    November 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.