Close Menu
Lanka Focus News
    What's Hot

    මහා කන්නයේ මී උණ අවදානම ඉහළට

    November 12, 2026

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

    November 11, 2026

    සිංහරාජෙන් දුර්ලභ සතුන් එකතු කළ චීන්නු සිව්දෙනෙකු අත්අඩංගුවට

    November 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මහා කන්නයේ මී උණ අවදානම ඉහළට
    Hot News

    මහා කන්නයේ මී උණ අවදානම ඉහළට

    By LFNNovember 12, 2026No Comments2 Mins Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා කන්නයේ ආරම්භය සහ පවතින මෝසම් වැසි තත්ත්වය සමඟ දිවයින තුළ මී උණ (Leptospirosis) රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    මේ වසර තුළ මේ දක්වා මී උණ රෝගීන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඉදිරි වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මෙම රෝගී සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාම වැළැක්වීම සඳහා ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්ව විශේෂ දැනුම්දීමක් කර ඇත.

    මී උණ රෝගය පැතිරීම සහ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී  වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂාරි දබ්බරේරා  මහත්මිය මේ බව පැවසීය.

    එමෙන්ම සමාන්‍යයෙන් වසරකට මී උණ රොගයෙන් 300කට ආසන්න පිරිසක් මිය යන බව ඇය සඳහන් කළාය.

    මෙම වසර තුළ මේ දක්වා වාර්තා වූ දත්තවලට අනුව, වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති ප්‍රධාන දිස්ත්‍රික්ක ලෙස පහත ප්‍රදේශ හඳුනාගෙන තිබේ.

    රත්නපුර දිස්ත්‍රික්කය

    කෑගල්ල දිස්ත්‍රික්කය

    ගාල්ල දිස්ත්‍රික්කය

    මාතර දිස්ත්‍රික්කය

    විශේෂයෙන්ම වැසි කාලවලදී සහ ගංවතුර තත්ත්වයන් ඇතිවන අවස්ථාවලදී කුඹුරු ආශ්‍රිත කටයුතුවල නිරත වන ගොවීන් සහ අනෙකුත් පාර්ශ්වයන්ට මෙම බැක්ටීරියා ආසාදනය වීමේ අවදානම ඉහළ මට්ටමක පවතී.

    මී උණ යනු කුමක්ද සහ එය පැතිරෙන්නේ කෙසේද?

    ලේප්ටොස්පයිරෝසිස් (Leptospirosis) නැතහොත් මී උණ යනු බැක්ටීරියාවක් මඟින් සතුන්ගෙන් මිනිසුන්ට බෝවන බරපතල රෝගී තත්ත්වයකි.

    මීයන්, මනුෂ්‍යයන් නොවන අනෙකුත් ගෘහස්ථ හා වනගත සතුන්ගේ මූත්‍ර මඟින් මෙම බැක්ටීරියාව ජලයට හෝ මඩට එක්වේ.

    සිරුරේ පවතින කැපුම්, තුවාල හෝගත ස්වභාවික බිඳීම් හරහා දූෂිත වූ ජලය හෝ මඩ සිරුරට ඇතුළු වීමෙන් මෙම රෝගය වැළඳේ.

    රෝගයෙන් ආරක්ෂ වීමට ගත යුතු පියවර

    මහා කන්නයේ ගොවිතැන් කටයුතු සහ එළිමහන් ශ්‍රමයේ යෙදෙන විට පහත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් වේ.

    කුඹුරු වැඩ හෝ මඩ ආශ්‍රිත කටයුතුවලට යාමට පෙර වෛද්‍ය උපදෙස් මත නිර්දේශිත ඖෂධ ලබාගැනීම.

    මඩ සහ ජලය සමඟ කටයුතු කිරීමේදී සුදුසු ආරක්ෂිත පාවහන් (රබර් බූට් සපත්තු) සහ අත්වැසුම් භාවිත කිරීම.

    ශරීරයේ යම් කැපුම් තුවාලයක් හෝ සීරීමක් පවතී නම්, ජලයට හෝ මඩට බැසීමට පෙර ජලයෙන් අතපය සෝදා ජලයේ නොගැවෙන ආවරණයකින්‍ තුවාලය හොඳින් ආවරණය කරගැනීම.

    මෙම මී උණ රෝගයේ රෝග ලක්ෂණ බොහෝ විට ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගයන්ගේ රෝග  ලක්ෂණ පෙන්නුම් කරන බවද වෛදවරු පෙන්වා දෙයි.

    උණ, තද හිසරදය, මස්පිඩු වේදනාව හෝ ඇස් රතු වීම වැනි ලක්ෂණ මතු වුවහොත්, ස්වයං-ප්‍රතිකාරවලින් තොරව වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීම.

    රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර ලබාගැනීමෙන් බරපතල සංකූලතා සහ ජීවිත හානි වළක්වාගත හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

    November 11, 2026

    සිංහරාජෙන් දුර්ලභ සතුන් එකතු කළ චීන්නු සිව්දෙනෙකු අත්අඩංගුවට

    November 10, 2026

    උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි – දුම්රිය ධාවනය සීමා කෙරේ

    November 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,432 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    මහා කන්නයේ මී උණ අවදානම ඉහළට

    November 12, 202602 Views

    මහා කන්නයේ ආරම්භය සහ පවතින මෝසම් වැසි තත්ත්වය සමඟ දිවයින තුළ මී උණ (Leptospirosis) රෝගය…

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

    November 11, 2026

    සිංහරාජෙන් දුර්ලභ සතුන් එකතු කළ චීන්නු සිව්දෙනෙකු අත්අඩංගුවට

    November 10, 2026

    උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි – දුම්රිය ධාවනය සීමා කෙරේ

    November 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.