Close Menu
Lanka Focus News
    What's Hot

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026

    කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

    September 9, 2026

    නීතිවිරෝධී මත්පැන් බෝතල් 135ක් වලානෙන් අල්ලයි

    September 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට
    Hot News

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    By LFNSeptember 10, 2026No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩුබායි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ නමැති සංවිධානාත්මක අපරාධකරු අද (9) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    සැකකරුගෙන් මූලික ප්‍රශ්නකිරීම් වලින් අනතුරුව ඔහු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට රැගෙන ආ අතර, එහිදී පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබේ.

    රංජිත් කුමාර නොහොත් ‘කොණ්ඩ රංජි’ ඩුබායිහීදී ඉකුත් මාර්තු 29 වැනිදා රාත්‍රි 7ට පමණ ඉරානය, ඩුබායි වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර මිතුරන් තිදෙනෙකු වෙත යැවීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    කෙසේ නමුත් එම වීඩියෝ දර්ශන හුවමාරු කර පැය 2ක් ඇතුළත ඩුබායි ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන, ඔහු සතුව තිබූ පවුම් 17ක් බර රන් මාල 2ක්, ඩිරාම් 18,000ක මුදලක් හා ජංගම දුරකථනද ආරක්ෂක භාරයට ගෙන තිබේ.

    අනතුරුව ඔහු අද අලුයම සාමාන්‍ය මගී ගුවන් යානයකින් මෙරටට පිටුවහල් කර ඇති අතර, ඒ පිළිබඳ මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම්දීමක් හෝ සිදුකර නොමැත.

    කෙසේවෙතත් තොරතුරුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව ‘කොණ්ඩ රංජි’ මෙරටට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

    එහිදී සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසාඇත්තේ, මීට පෙර අවස්ථාවකද ඩුබායි සිට ඉතාලිය බලායෑමට උත්සහදැරීමේදී ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති රතු වරෙන්තුව මත තමා අත්අඩංගුවට පත්වූ බවය.

    එම අවස්ථාවේදී සතියක් පමණ ආරක්ෂක අංශ භාරයේ සිට, නඩු පවරා සිය ගුවන්ගමන් බලපත්‍රයද එරට ආරක්ෂක අංශ විසින් ලබාගත් බව ඔහු පවසා තිබේ.

    එහිදී ඇප හිමිවීමෙන් අනතුරුව ඔහු සිය සගයන් පිරිසක් සමග සාදයක්ද පවත්වා ඇත.
    ‍
    ‘කොණ්ඩ රංජි’ නමැත්තා එරටදී ජල බෝතල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, ඒ හේතුවෙන් ඔහු ගෝල්ඩන් වීසා බලපත්‍රයක්ද ලබාගෙන තිබේ.

    තමන් යටතේ සේවකයින් 11දෙනෙකු සේවය කළ බවත් සැකකරු පවසා ඇත.

    හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා කඳානේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ලවී තිබුණද, වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.

    එමෙන්ම තමන් ඩුබායිහිදී පැළඳ සිටි ආභරණ චීනයේ නිෂ්පාදිත ව්‍යාජ රත්‍රන් බවත් පවසා තිබේ.

    සැකකරුට එරෙහිව හරක් හා එළුවන් සොරකම, යතුරුපැදි සොරකම, සූදු ක්‍රීඩා කිරීම හා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා රැසක් පවතී.

    වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී සී. ධර්මරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

    September 9, 2026

    නීතිවිරෝධී මත්පැන් බෝතල් 135ක් වලානෙන් අල්ලයි

    September 9, 2026

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,624 Views
    Don't Miss

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 202605 Views

    ඩුබායි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ නමැති…

    කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

    September 9, 2026

    නීතිවිරෝධී මත්පැන් බෝතල් 135ක් වලානෙන් අල්ලයි

    September 9, 2026

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.