සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.
එම පිරිස අතරින් 96දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් වන බව සඳහන් වෙයි.
මේ අතර 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ඇතුළු සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 37 දෙනෙකු මෙරටට ගෙනවිත් තිබේ.
මීට අමතරව ජාත්‍යන්තර පොලිස් සහය මත පුද්ගලයින් 42දෙනෙකු මෙරටට රැගෙන ආ බව පොලිසිය සඳහන් කළේය.
