Close Menu
Lanka Focus News
    What's Hot

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්
    Local News

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    By LFNAugust 6, 2026No Comments1 Min Read9 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ “හැකි ඉක්මනින්” පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

    නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ඊයේ (05) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවු අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදුකර ඇත.

    එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා සහාය දැක්වීම, බලශක්ති සහයෝගීතාව, වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, කන්කසන්තුරේ වරාය නවීකරණය සහ ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය ඇතුළු ඉන්දියානු සහාය ලබන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    2017 සිට 2019 දක්වා කාලයේ පළාත් සභා 9ක ධුර කාලය අවසන් වී ඇති අතර, එතැන් සිට මේ දක්වා එම මැතිවරණ පැවැත්වීම ප්‍රමාද වී තිබේ.

    ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා මෙරට නිල සංචාරයක නිරත වීම සඳහා ඊයේ (05) දින දිවයිනට පැමිණියේය.

    මෙම සංචාරයේ දී ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ අමාත්‍යාංශ ලේකම් අරුණි රනරාජා සමග සාකච්ඡා පවත්වා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,469 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 202605 Views

    බස්නාහිර, සබරගමුව,  වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.