‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) දිනයේදී සිදු නොවන බව ඉරානය පවසයි.
එරට විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක එස්මයිල් බගයි උපුටාදක්වමින් ඉරාන රාජ්‍ය මාධ්‍ය මේ බව සඳහන් කර ඇත.
අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් නිමාවට පත් කරමින්, ස්ථිර සාමය උදා කිරීමේ අරමුණින් ‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) සිදු කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉරානය අවධාරණය කරන්නේ, අනෙක් පාර්ශවයේ පැකිලීම හේතුවෙන් අත්සන් කිරීමේ දිනය පිළිබඳ කිසියම් අදහසක් සම්බන්ධයෙන් ප්‍රවේශම්කාරි විය යුතු බවය.
කෙසේවෙතත් ඉදිරි දිනවලදී ඉස්ලාමාබාද් සංදේශය අත්සන් කිරීමේ හැකියාව බැහැර කළ නොහැකි බව ද ඉරානය වැඩිදුරටත් සඳහන් කර ඇත.
