Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට
    International

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    By LFNJune 8, 2026No Comments1 Min Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෝල්ටාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව  සහන සේවා කණ්ඩායම් නිවේදනය කර තිබේ.

    අනතුරට පත් වූ තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ එම මුහුදු ප්‍රදේශයේ තිබූ ධීවර යාත්‍රාවක් මඟින් බේරාගෙන ඇති බව සඳහන් වේ.

    ඉතාලි වෙරළාරක්ෂක බලකායට අනුව, පුද්ගලයන් 60 දෙනෙකු පමණ රැගත් මෙම යාත්‍රාව ලිබියාවෙන් ගමන් ආරම්භ කර ඇති අතර, මෝල්ටාවට ගිනිකොන දෙසින් නාවික සැතපුම් 45ක් පමණ දුරින්දී මෙලෙස පෙරළී ගොස් ඇත.

    අනතුර සැලවීමත් සමඟ රෝමය විසින් එම ප්‍රදේශයට මුර සංචාරක යාත්‍රාවක් පිටත් කර යවා ඇති අතර, මුලින්ම මළ සිරුරු 10ක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.

    දිවි ගලවා ගත් 48 දෙනෙකු ධීවර යාත්‍රාවක් විසින් බේරාගත් බව සඳහන් වේ.

    උණුසුම් කාලගුණය ළඟාවීමත් සමඟ උතුරු අප්‍රිකාවේ සිට යුරෝපය බලා යන මුහුදු මාර්ගයේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම සාමාන්‍යයෙන් ඉහළ යන අතර, මෙම අවදානම් සහගත මුහුදු සංචාරයේදී ඔවුන්ට හමුවන ආසන්නතම ගොඩබෑමේ ස්ථාන වන්නේ ඉතාලිය, මෝල්ටාව සහ ග්‍රීසියයි.

    එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ දත්තවලට අනුව, 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කිරීමේදී කුඩා ළමුන් 14 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 827 දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.