Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රටවල් 40කට නොමිලේ සංචාරක වීසා
    Local News

    රටවල් 40කට නොමිලේ සංචාරක වීසා

    By LFNMay 25, 2026No Comments2 Mins Read9 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email
    අද( 25) දින සිට ක්‍රියාත්මක වන පරිදි, රටවල් 40 හි පුරවැසියන් සඳහා දින 30 ක කාලසීමාවකට නොමිලේ සංචාරක වීසා ලබා දීමට තීරණය කර තිබෙනවා.
    ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ බව චක්‍රලේඛයක් මගින් නිකුත්කර ඇති අතර මෙම චක්‍රලේඛයට අනුව, 2026 මාර්තු 30 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනවා.
    එම රටවල් වන්නේ,
    ඕස්ට්‍රේලියාව (AUSTRALIA) , ඔස්ට්‍රියාව (AUSTRIA), බහරේන් (BAHRAIN) , බෙලාරුස් (BELARUS) , බෙල්ජියම (BELGIUM) ,කැනඩාව (CANADA), චීනය (CHINA) , චෙක් ජනරජය (CZECH REPUBLIC) , ඩෙන්මාර්කය (DENMARK) , ෆින්ලන්තය (FINLAND) , ප්‍රංශය (FRANCE) , ජර්මනිය  (GERMANY),ඉන්දියාව(INDIA),ඉන්දුනීසියාව(INDONESIA),ඉරානය(IRAN),ඊශ්‍රායලය (ISRAEL), ඉතාලිය (ITALY), ජපානය(JAPAN), කසකස්ථානය (KAZAKHSTAN), කුවේටය (KUWAIT), මලයාසියාව (MALAYSIA), නේපාලය (NEPAL), නෙදර්ලන්තය (NETHERLANDS),  නවසීලන්තය (NEW ZEALAND), නෝර්වේ (NORWAY), ඕමානය (OMAN), පකිස්ථානය (PAKISTAN), පෝලන්තය (POLAND), කටාර් (QATAR), රුසියාව (RUSSIA), සෞදි අරාබිය (SAUDI ARABIA), දකුණු කොරියාව (SOUTH KOREA), ස්පාඤ්ඤය (SPAIN), ස්වීඩනය (SWEDEN), ස්විට්සර්ලන්තය (SWITZERLAND), තායිලන්තය (THAILAND), තුර්කිය (TURKEY), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), එක්සත් රාජධානිය (UNITED KINGDOM), ඇමරිකා එක්සත් ජනපදය (USA)
    ඉහත සඳහන් කළ රටවල රාජ්‍ය තාන්ත්‍රික (Diplomatic), නිල (Official), සේවා (Service) හෝ සාමාන්‍ය (Ordinary) ගමන් බලපත්‍ර (Passports) හිමි පුරවැසියන් මෙම ක්‍රමය යටතේ නොමිලේ සංචාරක වීසා (ETA) ලබා ගැනීමට සුදුසුකම් ලබනවා.

    ඉහත සඳහන් කළ රටවල් 40 හි පුරවැසියන් සහ ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුම් පවතින රටවල (එනම් මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පූරුව) පුරවැසියන් ඇතුළු සියලුම විදේශීය පුරවැසියන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අනුමැතිය (ETA) ලබා ගැනීම අනිවාර්යයි.

    ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුමට අනුව, මාලදිවයිනු පුරවැසියන් සඳහා ETA පද්ධතිය හරහා දින 90 ක සංචාරක වීසා බලපත්‍රයක් හිමිවෙනවා.

    ඉහත සඳහන් කළ රටවල් 40 හි පුරවැසියන් මෙන්ම මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පූරු පුරවැසියන් සඳහා වන විද්‍යුත් සංචාරක අනුමැතිය (ETA) නොමිලේ ක්‍රියාවට නංවනු ඇති.

    කෙසේ වෙතත්, 2026.05.25 දිනට පෙර අයදුම්කරුවන් විසින් ගෙවන ලද ETA ගාස්තු නැවත ගෙවනු නොලැබේ.
    මෙම ක්‍රමය යටතේ, සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු දින සිට දින 30 ක වලංගු කාලසීමාවක් සහිතව (මාලදිවයිනු පුරවැසියන් සඳහා දින 90 ක්) නොමිලේ සංචාරක වීසා (ETA) හිමිවන අතර, එම දින 30 ක වලංගු කාලය තුළ දෙවරක් මෙරටට ඇතුළු වීමේ පහසුකම (Double-entry facility) ද හිමිවේ.

    නොමිලේ වීසා ලබාගත්, දින 30 කට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්ට, අදාළ වීසා ගාස්තු ගෙවීමෙන් පසු වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා අයදුම් කළ හැකිය.

    ඉහත සඳහන් කළ නොමිලේ ETA අයදුම් කිරීමට සුදුසුකම් ලත් රටවල පුරවැසියන් හැර, අනෙකුත් සියලුම රටවල පුරවැසියන් ශ්‍රී ලංකා ETA පද්ධතියට අදාළ පොදු රීති සහ රෙගුලාසිවලට අඛණ්ඩව යටත් වන බවයි වාර්තා වෙන්නේ.
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.