Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්
    Local News

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    By LFNMay 21, 2026No Comments4 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අතිරේක ලේකම්වරයා වශයෙන් පත් කළ ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ සේවය අවශ්‍ය නොවන බව සඳහන් කරමින් එම නිලධාරියා අවමානයට හා මානසික කනස්සල්ලට ලක්කිරීම තුළින් එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් එම නිලධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

    තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් එම අතිරේක ලේකම්වරයා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ආචාර්ය සෝභිත රාජකරුණා,  ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම තීන්දුව පෙරේදා (19) ප්‍රකාශයට පත් කළේය.

    පෙත්සම්කරු සඳහන් කළේ, තමා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරියකු වන අතර වසර 30ක් පමණ රාජ්‍ය පරිපාලන සේවයේ විවිධ තනතුරු දරා තිබෙන බවය.

    2024 වසරේ දෙසැම්බර් මස 18 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් නිකුත් කළ ලිපියක් මඟින් තමන්ව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අතිරේක ලේකම් තනතුරට පත් කෙරුණු බව ඔහු පෙත්සමේ සඳහන් කර තිබුණි.

    ඉන් අනතුරුව 2024 වසරේ දෙසැම්බර් මස 18 වනදා තමන් සේවයට වාර්තා කළ බවත් ඔහු කියා සිටියේය.

    එදින දහවල් 12.30 පමණ තම කාමරයට පැමිණි වගඋත්තරකාර අමාත්‍යාංශ ලේකම්වරයා තම සේවය අවශ්‍ය නොවන බවත් කාර්යාලයෙන් පිටව යන ලෙස දැනුම් දුන් බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් චෝදනා කර තිබුණි.

    එහිදී වගඋත්තරකාර අමාත්‍යංශ ලේකම්වරයා උසස් නිලධාරියකුට සුදුසු නොවන ආකාරයෙන් කටයුතු කළ බවත් මේ තුළින් තමා අවමානයට මෙන්ම දැඩි මානසික කනස්සල්ලට පත් වූ බවත් සිය පෙත්සම තුළින් පෙන්වා දී තිබුණි.

    වගඋත්තරකාර අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළේය.

    සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා 2022 වසරේ දෙසැම්බර් 14 වන දා නිකුත් කළ අංක 2310/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ රජ්‍ය සේවා කොමිෂන් සභාවේ ක්‍රියා පටිපාටික රීතිවල 107 වන රීතියට අනුව අතිරේක ලේකම්වරයෙකු පත් කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විෂය පථයට අයත් බව පෙන්වා දුන්නේය.

    එම රීතිවල අන්තර්ගත 61 වගන්තියට අනුව  පුද්ගලයෙකු නීත්‍යානුකූල රාජකාරියක් ඉටු කිරීමේදී හැර සෘජුව හෝ වක්‍රව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ එහි කමිටුවක් යටතේ බලය පවරා තිබෙන රාජ්‍ය නිලධාරියෙකුගේ තීරණයකට බලපෑම් කරන හෝ බලපෑම් කිරීමට උත්සාහ කරන හෝ බාධා කරන ඕනෑම පුද්ගලයෙකු වරදකට වරදකරු වන බවත් එසේ වරදකරු වූ විට රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ වසර හතක් නොඉක්මවන කාලයක් සඳහා සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම වුවද යටත්වීමට සිදුවන බවත් තීන්දුවේ සඳහන් කර තිබුණි.

    ඒ අනුව අදාළ තනතුර සඳහා පෙත්සන්කරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පත්කර තිබියදී වග උත්තරකාර අමාත්‍යංශය ලේකම්වරයා එම තීරණයට මැදිහත් වීම තුළින් රාජ්‍ය සේවා කොමිසමේ බලතලවලට ඇඟිලි ගසා තිබෙන බවත් එය නීතියේ ආධිපත්‍යය අඩපණ කිරීමක් බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.

    මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර අමාත්‍යාංශ ලේකම්වරයා ජනතාව ඔහු කෙරෙහි තබා තිබෙන විශ්වාසය උල්ලංඝනය කර තිබෙන බවත් තීන්දුවේ සඳහන් වුණි.

    වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා “රාජ්‍ය නිලධාරියෙකු යනු ජනතාවගේ භාරකරුවකු බවත් ඔහුට පැවරී ඇති බලතල විශ්වාසය මත ක්‍රියාත්මක කළ යුතු බව මතක තබා ගත යුතුයි. සෑම රාජ්‍ය නිලධාරියෙකුගෙන්ම එවැනි හැසිරීමක් අපේක්ෂා කිරීමට මෙරට ජනතාවට අයිතියක් ඇත. අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අධීක්ෂණ බලතල පැවරී තිබුණද රාජ්‍ය නිලධාරීන් පත් කිරීම සහ මාරු කිරීම සම්බන්ධයෙන් වූ රාජ්‍ය සේවා කොමිසමේ බලතලවලට මැදිහත් වීම හෝ ඒවා තමා යටතට පවරා ගැනීමට උත්සාහ කිරීම බරපතළ කරුණක්. එය රාජ්‍ය සේවා කොමිසමට පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල උල්ලංඝනය කිරීමක්.” යනුවෙන් ප්‍රකාශ කළේය.

    ඒ අනුව වගඋත්තරකාර අමාත්‍යංශය ලේකම්වරයා පෙත්සම්කරුට මිනිසෙකු වශයෙන් මෙන්ම රාජ්‍ය නිලධාරියකු වශයෙන් භුක්ති විඳීමට ඇති ගෞරවනීය අයිතිය උල්ලංඝනය කර ඇති බවත් ඒ තුළින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

    වග උත්තරකාර අමාත්‍යංශය ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් පෙත්සම්කරුට අත්විඳීමට සිදු වූ අගෞරවය සහ නින්දාව කිසිදු ආකාරයකින් යථා තත්ත්වයකට පත් කළ නොහැකි බව තම අදහස යැයි සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව වන්දි හෝ නඩු ගාස්තු සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202604 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.