Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තිස් වසරක රුදුරු ත්‍රස්තවාදය පරදා අදට වසර 17ක්
    Featured

    තිස් වසරක රුදුරු ත්‍රස්තවාදය පරදා අදට වසර 17ක්

    By LFNMay 18, 2026No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ.

    2009 වසරේ මැයි 18 වන නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටි.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් විය.

    1975 වර්ෂයේ ජුලි 27 වනදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදය මෙරට දෙකඩ කිරීමේ මූලික පියවර තබනු ලැබීය.

    මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්තවාදීන් ජීවිත රැසක් විනාශ කිරීමටයි කටයුතු කරනු ලැබුවේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ගුවන්තොටුපල වැනි මෙරට ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරමින් රට අර්බුදයකට ඇද දැමීමට ද ඔවුන් උත්සාහ ගනු ලැබීය.

    ජය ශ්‍රී මහබෝධිය, බෞද්ධයාගේ මුදුන් මල්කඩ වු ශ්‍රී දළදා මාලිගාවට ද එල්.ටි.ටි.ඊ. කුරිරු ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළේ ඔවුන්ගේ මිලේච්ඡත්වය ලොවට පෙන්වමිනි.

    නැගෙනහිර ගොවි ජනතාවගේ වගාවන් සදහා ජලය රැගෙන ආ ප්‍රධාන ජල මාර්ගය වූ මවිල්ආරු සොරොව්ව වසා දැමීම තුළින් එල්.ටි.ටි.ඊ.නායක ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡත්වය තවදුරටත් තහවුරු විය.

    ඒ අනුව විරෝධාර රණවිරුවන් සේනාංක 8ක් මාර්ග අටක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් එල්.ටි.ටි.ඊ.ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.

    කෙසේවෙතත් එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන් විසින් එම ප්‍රදේශවල ජීවත් වූ අහිංසක ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් සටන් කිරීමටයි කටයුතු කරනු ලැබුවේය.

    ඒ අනුව යුද්ධයට අමතරව ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මානූෂිය මෙහෙයුම් ද ආරම්භ කරමින් රණවිරුවන් ඉදිරියට යාමටයි කටයුතු කළේය.

    සියලු අභියෝග ජයගනිමින් නන්දිකඩාල් කලපුවේ දී 2009 මැයි 18 වනදා එල්.ටි.ටි.ඊ.නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග දශක තුනකට අධික කාලයක් පැවති ශාපලත් යුද්ධය නිමාවට පත් විය.

    “එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම සදහා මෙහෙයවු දේශපාලන නායකත්වය, ආරක්ෂක අංශවල පරිපාලනය, හමුදා නායකයන් ඇතුළු ශ්‍රී ලාංකේය රණවිරුවන්ගේ වීරත්වය අප හදවත් තුළ සදා ජීවමානයි.“

    මේ අතර යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන්ම මේ වසරේ දී හෙට පැවැත්වීමට නියමිතව තිබේ.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරිය සදහන් කළේය.

    මෙවර සැමරුම් උත්සවය සදහා පළමුවරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.