දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සහ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මේ වන විට සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව කළු ගගේ අතු ගංගාවක් වන මගුර ගඟ ද මගුර ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවල සඳහන් වේ.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශවල පහත්බිම් හරහා වැටී ඇති මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින්, එම ප්‍රදේශවල පදිංචි ජනතාව සහ මාර්ග භාවිතා කරන රියදුරන් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
