රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සම්බා සහල් අලෙවි කළ මාරවිල ප්‍රදේශයේ වෙළෙඳුන් පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම ප්‍රදේශයේ ඊයේ (14) සිදුකළ විශේෂ වැටලීමකදී අදාළ වෙළෙඳුන් සොයාගෙන තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ මෙම වැටලීම්වලදී, පාරිභෝගිකයන්ගෙන් අසාධාරණ ලෙස වැඩි මුදලක් අය කරමින් සම්බා සහල් අලෙවි කළ වෙළෙඳුන් කිහිපදෙනෙකු අනාවරණය කරගෙන ඇත.
අදාළ වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.
එමෙන්ම, සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී උපරිම සිල්ලර මිල පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.