Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දෙහිවල ව්‍යාපාරික ස්ථානයකට කාන්තා කොල්ල කල්ලියක් පනියි – සේවකයින්ට පහරදී ලක්ෂ 13ක් කොල්ලකයි
    Local News

    දෙහිවල ව්‍යාපාරික ස්ථානයකට කාන්තා කොල්ල කල්ලියක් පනියි – සේවකයින්ට පහරදී ලක්ෂ 13ක් කොල්ලකයි

    By LFNMay 7, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල ප්‍රදේශයේ රූපවාහිනී වෙළෙඳ සැලකට කාන්තාවන් හය දෙනෙකු ඇතුළු දස දෙනෙකුගෙන් යුත් කොල්ලකරුවන් පිරිසක් තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන ඇතුළු වී එහි සේවකයින්ට පහර දී රුපියල් 13 ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා පලා ගොස් ඇති බව දෙහිවල පොලිසිය පවසයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව, කොල්ලකරුවන්ගේ මෙම ක්‍රියාව CCTV කැමරාවක ද සටහන්ව ඇත.

    ඉකුත් 04 වැනි දින සවස 06.30ට පමණ නාඳුනන පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගැනීමට බව පවසා අදාළ වෙළෙඳ සැලට ඇතුළු වී ඇතැයි පොලිසිය පැවසීය.

    ඔවුන් ඒ සඳහා රුපියල් 45,000/= ක මුදලක් අයකැමි වෙත ලබා දී ඇති අතර, සේවකයින් ඔවුන්ට රූපවාහිනී යන්ත්‍රය ලබාදීම සඳහා එය පරීක්ෂා කරමින් සිටියදී “ප්‍රමාද වන බව” පවසා සේවකයින් සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන තිබේ.

    අනතුරුව ඔවුන් තමන් ලබාදුන් මුදල් ආපසු ලබාගෙන වෙළෙඳ සැලෙන් පිටව ගොස් ඇත.

    එහෙත් මද වේලාවකට පසු එම කාන්තාව සහ පිරිමි පුද්ගලයා තවත් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් කිහිපදෙනෙකු සමඟ නැවත වෙළෙඳ සැලට කඩා වැදී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    එහිදී ඔවුන් එහි සිටි සේවකයින්ට පහර දී ඇති අතර, බෑගයක දමා තිබූ රුපියල් 1,309,000/= ක මුදල කොල්ලකා පලා ගොස් තිබේ. කොල්ලකරුවන් පිරිස නැවත පා ගමනින්ම දුම්රිය පාර ඔස්සේ පලා ගොස් ඇති බව ද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.