Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 2026

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වියට්නාම ජනපතිගේ මෙරට සංචාරය අතරතුර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් මෙන්න
    Featured

    වියට්නාම ජනපතිගේ මෙරට සංචාරය අතරතුර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් මෙන්න

    By LFNMay 5, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා මහතා එළැඹෙන 07 සහ 08 යන දිනයන් හී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

    එහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි රාජ්‍ය සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත අතර එම ගිවිසුම් සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.

    ඒ අනුව,

    • මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,
    • මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම,
    • මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය, ආගමික විශ්වාස, සිරිත්විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම,
    • මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හී සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,
    • මෙරට පොලිස් අභ්‍යාස ආයතනය සහ වියට්නාම මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

    යන ගිවිසුම් කිහිපය සඳහා අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026

    ශිෂ්‍යත්ව විභාගයට අදාළ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 202600 Views

    අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක්…

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026

    ශිෂ්‍යත්ව විභාගයට අදාළ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.