Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලෝක සාමය අරමුණු කරගත් ඒහිපස්සිකෝ සාම පාගමන අවසන් වෙයි
    Featured

    ලෝක සාමය අරමුණු කරගත් ඒහිපස්සිකෝ සාම පාගමන අවසන් වෙයි

    By LFNApril 28, 2026Updated:April 28, 2026No Comments2 Mins Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක සාමය අරමුණු කරගත් ” ඒහිපස්සිකෝ ” සාම පාගමන අද (28) පස්වරුවේ අවසන් විය.

    ඒ කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදි ජනාධිපතිවරයා අතින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි වෙත පූජා කිරීමේ රාජ්‍ය උත්සවයෙන් අනතුරුවය.

    ලෝක සාමය පිළිබඳ ලෝකවාසීන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් සිදු කෙරෙන ” ඒහිපස්සිකෝ ” සාම පාගමන මෙරට ගමන් ඇරඹුවේ අප්‍රේල් 22 වැනිදා දඹුල්ල රජමහා විහාරයෙනි.

    වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ දහතුන් නම හා ලෝකයේම අවධානය දිනාගත් අලෝකා සුනඛයා ගතවූ දින 6 පුරා මාතලේ, මහනුවර, බෙලිගම්මන, තෝලංගමුව, යක්කල පසුකරමින් කැලණිය රාජමහා විහාරය දක්වා පැමිණියේය.

    අද උදෑසන වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමිගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජමහා විහාරයේදි පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් සමඟ ධර්ම සාකච්ඡාවක් පැවැත් වුණි.

    සාම පාගමනේ 7 වන දිනය මෙන්ම අවසන් දිනය ආරම්භ කරමින් අද දහවල් කැලණිය රාජමහා විහාරයෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ දහතුන් නම ගමන් ඇරඹීය.

    අදත් සාම පාගමන දැක බලාගැනීම සඳහා බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් මාර්ග දෙපසට පැමිණ සිටියේය.

    අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය හා ධාතූන් වහන්සේ නිදහස් චතුරස්‍රයේ ඉදිකළ විශේෂ පීඨිකාවක් වෙත රැගෙන එනු ලැබීය.

    මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සාම පාගමනේ වැඩි වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමිට ධාතූන් වහන්සේ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය පූජා කරනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.