Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට
    Featured

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    By LFNApril 26, 2026No Comments2 Mins Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ඊයේ (25) රාත්‍රී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකාර  චීවරධාරින් අත්අඩංගුවට ගත් බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.

    එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ , විවිධ රසකැවිළි සමග ව්‍යාජ පතුල් සකස් කර ඒවා තුළ කිලෝ ග්‍රෑම් 110 කට අධික ” කුෂ්” සහ ” හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.

    සෑම චීවරධාරියෙකුගේම ගමන් මළු තුළ කිලෝ ග්‍රෑම් 05 කට අධික මත්ද්‍රව්‍ය තිබී ඇති බව වාර්තා වෙයි.

    මෙම සැකකාරු  චීවරධාරින් අනුග්‍රහකයෙකු විසින් ලබා දුන් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මත පසුගිය 22වනදා මෙරටින් තායිලන්තය බලා ගොස් ඇති අතර එහිදී ඔවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ඡායාරූප සහ වීඩීයෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථන තුළ පටිගත වී තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර චීවරධාරින් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ද මෙය බව වාර්තා වෙයි.

    මෙම සැකකාර චීවරධාරින් දිවයින් පුරා විවිධ ප්‍රදේශවල පදිංචිව සිටින තරුණ චීවරධාරින් පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසක් බව ද සඳහන්ය.

    මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකාර චීවරධාරින් අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 202607 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.