Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාහන ජාවාරමේ යෙදුණු කල්ලියක් මාට්ටු

    April 2, 2026

    පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

    April 2, 2026

    පැතුම්ට IPL වරම්

    April 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්
    Featured

    පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

    By LFNApril 2, 2026No Comments1 Min Read59 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

    සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේනාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.

    පාසල තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කරන ලද 2016 අප්‍රේල් 29 දිනැති චක්‍රලේඛයෙහි සඳහන් උපදෙස්වලට අමතරව මෙම චක්‍ර ලේඛයේ විධිවිධාන ද මින් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බව එහි සඳහන් වේ.

    ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක ඡේදයක් ද උපුටා දක්වමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    ඒ අනුව කිසිදු දරුවෙකුට දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත් හේතුවක් නිසා හෝ කිසිදු ශාරීරික හෝ මානසික හෝ හානියක් සිදුනොකළ යුතු අතර කිසිදු ආකාරයක ශාරීරික දඩුවමක් කවර මට්ටමකින්වත් සිදුකළ නොහැකි බවත් වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් හිමි වන බවත් අදාළ ඡේදයේ සඳහන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයෙහි සඳහන් ෙව්.

    පාසල් සිසුන්ගේ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කර ඇති කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතු බවට අදාළ චක්‍රලේඛය මඟින් අවධාරණය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාහන ජාවාරමේ යෙදුණු කල්ලියක් මාට්ටු

    April 2, 2026

    පැතුම්ට IPL වරම්

    April 1, 2026

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    වාහන ජාවාරමේ යෙදුණු කල්ලියක් මාට්ටු

    April 2, 202602 Views

    ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින්…

    පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

    April 2, 2026

    පැතුම්ට IPL වරම්

    April 1, 2026

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.