එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බව්සර් හිමියන්ගේ සංගමයේ උප සභාපකි විශ්‍රාමික මේජර් සුසන්ත ජයවර්ධන මහතා අද නිවේදනය කළේ ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත්වන බවයි.
ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙන ගෙවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉන්දන බෙදා හැරීමෙන් ඉවත්ව සිටින බව තොරතුරු වාර්තා වේ.
ඒ් අනුව අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුවන අතර, ඒ් සඳහා සීමිත බව්සර් රථ සංඛ්‍යාවක් යොදවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
