Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ
    Featured

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    By LFNMarch 20, 2026No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෙට සහ අනිද්දා දිනවලත් බෙදුම්කරුවන්ට ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

    එම සංස්ථාව කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ හෙට සහ අනිද්දා දිනවල පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

    සෙනසුරාදා දිනයේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබෙන බවට මේ වන විට පුවතක් සංසරණය වන අතර එයට පාදක වී ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව සෑම මසකම එක් සෙනසුරාදා දිනයක් ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබීම වන බව ද ඒ මහතා සඳහන් කළේය.

    කෙසේ වෙතත් පවතින මෙම තත්ත්වය විශේෂ අවශ්‍යතාවයක් වීම සහ මෙම සෙනසුරාදා රාත්‍රියේ දී QR කේතය නැවත සැකසීම සිදුවන බැවින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවෘතව පවතින බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

    එමෙන්ම මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කර සිටියේ යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඉරිදා දිනයේ වුවද තෙල් බෙදා දීමේ කට‍යුතු සිදු කළ හැකි අතර එහි කිසිදු ගැටලුවක් නොමැති බවය.

    මේ අතර තොග පර්යන්ත සමාගම ද සෙනසුරාදා දිනයේ තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    මේ හේතුවෙන් පාරිභෝගිකයින්ට අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් හෙට සහ අනිද්දා දිනවල පිරවුම්හල් වසා තැබීම සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් හෝ තීරණක් ගෙන නොමැති බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.