Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැතිනිය කියයි
    Featured

    දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැතිනිය කියයි

    By LFNMarch 8, 2026No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    භික්ෂු අධ්‍යාපනය වැඩිදියුණු කිරීම මගින් හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනීසිටින, ධර්මධර, විනයධර, ශ්‍රාස්ත්‍රිය දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    අනුරාධපුර ​ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අද (07) පැවති සියලු පහසුකම් සහිත නව බහුකාර්ය ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත කිරීම සහ අටමස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍ර අභිනන්⁣දනොත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

    එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ රජයක් ලෙස උත්සාහ ගනුයේ නවීන ලෝකයට ගැලපෙන පරිදි විද්‍යාත්මක හා තාර්කික පදනමකින් යුතුව ඉදිරියට යාමට බවත් නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් සෑම පුරවැසියෙකුටම ලබා දීම සහ අධ්‍යාපනය පොදු මානව අයිතිවාසිකමක් බවට පත් කරමින් මෙරට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීම බවය.

    ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය මෙරට උසස් අධ්‍යාපන පද්ධතිය තුළ සුවිශේෂි වනුයේ එහි පාලනය හා අධ්‍යන කටයුතු භික්ෂූන් වහන්සේලා වෙතම පැවරී තිබීම හේතුවෙන් බවත් මෙහි ප්‍රදාන පරමාර්ථය විය යුත්තේ හුදෙක් උපාධිධාරීන් බිහි කිරීම පමණක් නොවන බවද අග්‍රමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

    එහිදී ඇය පැවසුවේ සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනී සිටින, ධර්මධර, විනයධර මෙන්ම ශාස්ත්‍රීය දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් රටටත්, ලෝකයටත් දායාද කිරීම බවය.

    තවද භික්ෂූන් වහන්සේලාට පාලි, සංස්කෘත වැනි සම්භාව්‍ය භාෂා මෙන්ම නූතන ලෝකය ජය ගැනීමට අවශ්‍ය භාෂාමය දැනුම හා තාක්ෂණික මෙවලම් ලබා දීම හරහා ජාත්‍යන්තර මට්ටමින් බෞද්ධ දර්ශනය ප්‍රචාරය කිරීමට රජය උපරිම සහාය ලබා දීමට සූදානම් බවද ඇය මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.