Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක – බලාගාර නිලධාරීන්
    Featured

    බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක – බලාගාර නිලධාරීන්

    By LFNMarch 6, 2026No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍රවලට හානිසිදුවිය හැකි බවට එහි නිලධාරීන් අනතුරු අඟවයි.

    ඒ පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට හමුවේ පසුගිය (04) පෙනීසිටි අවස්ථාවේදීය.

    නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කෙරුණු ගල්අඟුරු තොග නිසි පිරිවිතරයන්ට නොමැතිවීම සම්බන්ධයෙන් රටතුළ පසුගිය සමයේ දැඩි කතාබහක් නිර්මාණය වුණි.

    මතභේදාත්මක ගල්අඟුරු නෞකා නවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විමර්ශනයක් ඇරඹුවේ පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ උපදෙස් අනුවය.

    එලෙස සිදුකළ විමර්ශනයේ වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගියදා භාරදී තිබුණි.

    ප්‍රශ්නගත අල් අඟුරුවල ශක්තිය හෙවත් කැලරිෆික් අගය නැව්ගත කරන වරායේදී පැවති අගයට සාපේක්ෂව ගොඩබෑම් වරායේ, ලක්විජය බලාගාරයේ සහ විදුලි උත්පාදනයේ කාර්යක්ෂමතාව මත ගණනය කරන පරීක්ෂණවලදී ලැබී ඇති අගයන් පහළ මට්ටම්වල පැවති බව වාර්තාව අනාවරණ කරයි.

    නමුත් පෙර සැපයුම්කරුගේ ගල් අඟුරුවල ශක්තිය විදුලි උත්පාදනයේ කාර්යක්ෂමතාව මත ගණනය කිරීමේදී, නැව්ගත කරන වරායේදී පැවති අගයද ඉක්මවූ අගයක් ලැබී ඇති බවද එහි සඳහන්ය.

    එමෙන්ම වත්මන් සැපයුම්කරුගේ ගල් අඟුරු භාවිතයෙන් 2026 ජනවාරි තුන්වැනිදා සිට 8 වැනිදා දක්වා දින හයක කාලය තුළ සිදුකළ විදුලි උත්පාදනයේදී පාවෙන අළු විසර්ජනය දෛනිකව මෙටික්ට්‍රොන් 306ත් 616ත් අතර ඉහළ අගයන්වල පැවතී ඇතැයි වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

    නමුත් පෙර සැපයුම්කරුගේ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කෙරුණු 2026 ජනවාරි 11වැනිදා සිට 15 වැනිදා දක්වා දින පහක කාලය තුළ පාවෙන අළු විසර්ජනය දෛනිකව වාර්තා වී ඇත්තේ මෙට්‍රික්ටොන් 221ත් 316ත් අතර සාපේක්ෂව පහළ අගයන්වලයි.

    ඒ අනුව වත්මන් සැපයුම්කරුගේ ගල් අඟුරු භාවිතයේදී විසර්ජනයවන පාවෙන අළු ප්‍රමාණය පෙර සැපයුම්කරුගේ ගල් අඟුරු වලට සාපේක්ෂව 102%ක වැඩිවීමක් බවද වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

    ඒ අතර විමර්ශන වාර්තාව අනාවරණ කරන පරිදි ප්‍රමිතියෙන් අවම ගල්අඟුරු තොග නැව්ගත කිරීම් නවය මගින් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව රුපියල් මිලියන 8,497කි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.