Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ
    Featured

    තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ

    By LFNMarch 5, 2026No Comments3 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙවැනි ඉරාන නෞකාවත් මේ වනවිට ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ නොවන බවත්, එය මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ ඇති බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් ඉරාන නෞකාවක් කොළඹ වරායට නුදුරේ ස්ථානගතව ඇතැයි අනාවරණය කළේය.

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂ නායකවරයා දන්නා කරුණුවලට වඩා බොහෝමයක් තොරතුරු රජය දන්නා බවත් ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා ජීවිත හානි අවම කරගැනීම සඳහා මෙන්ම කලාපීය සාමය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවය.

    මේ සම්බන්ධයෙන් කටයුතු අවසන් වූ වහාම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    අමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහතින්…

    “රටක් ලෙස ලංකාව ජාත්‍යන්තර සාමය වෙනුවෙන් කටයුතු කරන බවත්, විශේෂයෙන්ම ඉන්දියානු සාගරයේ සාමය අපේ අපේක්ෂාව වන අතර කළ හැකි මැදිහත්වීම සිදුකරමින්

    කිව්වටත් වඩා දේවල් මේ වෙලාවේ ඉන්දියානු සාගරයේ සිදුවෙමින් පවතිනවා. රජයක් ලෙස ජාත්‍යන්තර නීතියට අනුකූලව සහ මානුෂික පදනමින් මැදිහත් වෙමින් ඉන්නවා. කලාපීය සාමය ආරක්ෂා කරගැනීමට මැදිහත් වෙමින් තියෙනවා. වැඩිදුර තොරතුරු ඉදිරියේ දී දැනුම්දෙන්නම්. මේ වෙලාවේ අපි ජාත්‍යන්තර
    ප්‍රඥප්තීන්ට අනුකූල වෙමින් අවම ජීවිත හානි සිදුවන ආකාර සහ ඉන්දීය සාගරයේ සාමය ආරක්ෂා වන ආකාරයට රජයක් ලෙස වගකීම් සහගතව කටයුතු කරනවා.අද හවසට වැඩි විස්තරයක් කියන්න පුළුවන් වෙයි.

    “අපි කවුරුත් දන්නවා මැදපෙරදිග කලාපයේ දරුණු යුදමය තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මේ වෙලාවේ රටක් විදියට පාර්ලිමේන්තුව හරි එළියේ මාධ්‍ය හරි උපයෝගී කරගෙන විහිළු කරන්නවත්, ආණ්ඩුව එක්ක තියෙන දේශපාලන කෝන්තර පිරිමහන්නවත් නැතිනම් තමන් ප්‍රකාශයක් කරන්නවත් එහෙම නැතිනම් තවත් ජන කොටසක් කුපිත කරවන ප්‍රකාශ කරන්නවත් අසත්‍ය තොරතුරු, අර්ධ සත්‍ය තොරතුරු වැරදි තොරතුරු මත පදනම්ව හිතලු කියන්නවත් වෙලාවක් නෙමෙයි.

    හැම දේශපාලන දේශපාලනඥයෙක්ම, මහජන නියෝජිතයෙක්ම මෙවැනි ලෝක පරිමාණයෙන් තියෙන මෙවැනි වාරතාරවරණයක දී ඉතා වගකීම් සහගත ප්‍රකාශ කළ යුතුයි.

    අපිට තියෙනවා ජාතික ජල තීරයක් අපේ මුහුදු සීමාවේ ඉඳලා නාවික සැතපුම් 12ක්. ඒක අපිට අයිතියි. ඒ නාවික සැතපුම් 12 සිට 200 දක්වා තියෙන්නේ, අනන්‍ය ආර්ථික කලාපය. මේ කලාපය තුළ
    ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක වෙනවා. අපිට ආර්ථික කටයුතුවලට තමා බලය තියෙන්නේ. යුද කටයුතුවලට නෙමෙයි.

    මේ සිදුවීම වුණේ ගාලු වරායේ ඉඳලා නාවික සැතපුම් 19ක දුරින්. මේ ගැන ඊයේ උදෑසන 5.08ට නාවික හමුදාවට අයිති MRCC
    එකට ඉස්සෙල්ලාම පණිවුඩයක් ලැබනේනේ. ඒ ලැබෙන්නේ ප්‍රහාරයක් එල්ල කරාද නැද්ද කියලා නෙමෙයි. ඒ කලාපයේ මෘත ශරීර පාවෙමින් තියෙනවා කියන දේ. පැයක් ගතවෙන්න කලින් ශ්‍රී ලංකා නාවික හමුදාව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කරනවා. ඒ වෙලාවේ ප්‍රහාරය ගැන හොය හොය ඉන්‌න නෙමෙයි තියෙන්නේ, මානුෂීය පදනමින් මැදිහත් වෙලා ජීවිත ගලවා ගැනීමයි.

    ඒ අනුව රජය පැත්තෙන්, නාවික හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය ඒ දේ කරා. අපිට පුළුවන් වුණා කරාපිටිය රෝහලට 32 රැගෙන එන්න. එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. 87කගේ මෘත ශරීර දැනට අරගෙන ඇවිත් තියෙනවා.

    අ‌පිට තියෙන ෆීසර් ප්‍රමාණවත් නෑ. ඒ නිසා පෞද්ගලික අංශයෙන් මේක අපි ඉටුකරගත යුතුයි. අපි ඒ සඳහා කටයුතු කරමින් තියෙනවා. පැය කිහිපයකින් කොළඹින් දෙකක් යනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.