Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026

    මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි

    March 3, 2026

    මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

    March 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි
    Featured

    මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි

    By LFNMarch 3, 2026No Comments4 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    අද (03) පාර්ලිමේන්තුවේ දී මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

    “ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කණ්ඩායමයකට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නේ නෑ. තාක්ෂණික වශයෙන්, යුදමය වශයෙන් ඉතාම විශාල අවි තාක්ෂණික මෙවලම් නිර්මාණය කරමින් තිබෙන ලෝකයකට එය මොන තරම් විනාශකාරී ද කියන එක පිළිබඳව අපි කාටත් අවබෝධයක් ලබාගත හැකියි.

    එනිසා ශ්‍රී ලංකාව ලෙස අපගේ ස්ථාවරය වන්නේ, මේ යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්
    ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම්, මඟ පෙන්වීම් කළ යුතු යන්නයි.”

    මෙම යුදමය තත්ත්වය තුළ ලංකාවේ ජන ජීවිතයට ද විශාල බලපෑම් එල්ල විය හැකි බවත් හුදකලාව එයින් මිදීමට අපට හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    රටක් ලෙස මෙයට මුහුණදීමට වැඩපිළිවෙලක් සකස් කරගන්නා බවත් එය සිදුකර ගත හැකි වන්නේ සාමකාමී ලෝකයක් සඳහා ජාත්‍යන්තර සිදුකරනු ලබන කැපවීම තුළින් පමණක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    මැදපෙරදිග යුද්ධය හේතුවෙන් තෙල් සහ ගෑස් සැපයුමට බාධා ඇති විය හැකි බවත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විශාල ගැටලුවක් ඇති වන බවද පැවසු ජනාධිපතිවරයා, සංචාරක කර්මාන්තයට, විදෙස් ප්‍රේෂණ , නාවික හා ගුවන් කර්මාන්තයන්ට ද බලපෑම් එල්ල වන බව පැවසීය.

    කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව මෙම යුදමය තත්ත්වය හමුවේ ලංකාවට මුහුණදීමට සිදුවන ගැටලු සඳහා විසඳුම් සොයාගත යුතු බවද පැවසූ ජනාධිපතිවරයා, අතීතයේ ඇති අමිහිරි අත්දැකීම් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව කලබලයට පත්වීම සාමාන්‍ය තත්ත්වයක් බවද කියා සිටියේය.

    වාක්‍ය හා කරුණුවලින් පමණක් සමාජය ස්ථාවරකළ නොහැකි බවද පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ප්‍රායෝගිකව අර්බුදයකට මුහුණ නොදෙන බව ජනතාවට සහතික කිරීමෙන් පමණක් එය ඒත්තු ගැන්විය හැකි බවද පැවසීය.

    වත්මන් ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව මෙවැනිම අභියෝග රැසකට ඉතා සාර්ථකව මුහුණදුන් බවත් මැදපෙරදිග ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් ලංකාවට මුහුණදීමට සිදුවන අභියෝගය මින් පෙර පැවති තත්ත්වයට වඩා වෙනස් බවත් පැවසු ජනාධිපතිවරයා, වර්තමාන යුද තත්ත්වය කෙසේ විසඳාගත හැකිද යන්න පිළිබඳව ඇත්තේ අවිනිශ්චිතභාවයක් බවද සඳහන් කළේය.

    රජයක් ලෙස නිරන්තරයෙන් මෙම තත්ත්වය ගැන නිරීක්ෂණය කරමින් සිටින බවත්, මහ බැංකුව විසින් වර්තමාන තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් සිදුකර මෙරට ආර්ථිකයට ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ වාර්තාවක් අද හෝ හෙට හවස වනවිට ලබාදෙනු ඇතැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

    මුදල් අමාත්‍යාංශ මඟින් ජන ජීවිතයට ඇති වෙන බලපෑම සම්බන්ධයෙන් ද වාර්තාවක් සකස් කරමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා, විදෙස්ගත ජනතාව සහ මෙරට සිටින ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම ගැන ද වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බවද පැවසීය.

    “සමස්ත අර්බුදයේ විසඳුම තනි තනි පුද්ගලයින් අතේ නෑ… සමස්ත අර්බුදයේ විසඳුම් මාවත සෙවීමේ දී ප්‍රධාන වගකීම ආණ්ඩුව සතුයි. ඒ අතර පාර්ලිමේන්තුවේ හැමදෙනාටම අතහැරිය නොහැකි වගකීමක් තියෙනවා. පුරවැසියාටත් යම් සැලකිය යුතු වගකීමක් තියෙනවා. ආණ්ඩුව, පාර්ලිමේන්තුවේ අපි සියලුදෙනා සහ ජනතාවට එක අරමුණක් සහ වැඩිපිළිවෙලක් අනුව මෙයට මුහුණදිය යුතුයි යන්න අපේ යෝජනාවයි.”

    “අපිට ප්‍රධාන ප්‍රශ්නය තමා ගබඩාවල තිබෙන ධාරිතාව. මාස දෙක තුන තරම් කාලයක් තෙල් ගබඩා කිරීමට ධාරිතාවයක් අපේ ගබඩාවල නෑ. අපේ ගබඩා හැමවෙලේම කරන දේ තමා ඊළඟ නැව එනවිට ඒ තෙල් ගබඩා කිරීමට ගබඩා හිස් කරනවා. ගබඩා පුරවගෙනම ඉන්න බෑ. ත්‍රිකුණාමලයේ තියෙන IOC ගබඩා ටික අතහැරියොත් කෙළොන්නාවේ සහ මුතුරාජවෙල මුළු ගබඩා ධාරිතාව 150,000ක් විතරයි. හැබැයි ඒ ප්‍රමාණයම තියාගෙන ඉන්න බෑ. ඊළඟ නැව එද්දි ගබඩාව හිස් කරගන්න ඕන. ඒ නිසා නැව් එන පිළිවෙලට ගබඩා හිස් කිරීමේ සැලැස්මක් එක්ක තමා අපි ඉන්නේ. 103,000ක් ගබඩා පිරිලා තිබුණේ. දෛනික පිරිපහදුවෙන් මෙට්‍රික් ටොන් 1,800ක් පිරිලා. අපි හොඳ සැලැස්මක හිටියා. ඒ අනුව අපිට දින 33කට අදාළව ඩීසල් තියෙනවා.

    අපිට දින 33කට අදාළව ඩීසල් තියෙනවා. පෙට්‍රල්වල මුළු ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් 106,187ක්. අර්බුදය මතුවෙද්දී මෙට්‍රික් ටොන් 136, 270ක ගබඩා ධාරිතාවයක් තිබුණා. අපි ඔපරේෂන් කරන්නෙත් මේ ගබඩාවලින්ම තමා. අපිට තිබුණා නම් වෙනම සංචිත, ආරක්ෂිත ගබඩා කිරීමක් කරන්න වෙනම තොගයක් තිබුණා නම් එය ඔපරේෂන් සඳහා වෙනම පවත්වාගෙන යන්න තිබුණා. අපිට කවදාවත් ආරක්ෂිත තොගයක් නෑ. ඒ අනුව ඕනෑම මෙහොතකදී අර්බුදයකදී අපට තබාගත හැකි උපරිම ප්‍රමාණය අපි මේ මොහොත් රඳවා ගෙන හිටියා.

    පෙට්‍රල් දින 27කට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. 7 හෝ 8 වෙනිදා තවත් නැවක් එනවා මෙට්‍රික් ටොන් 35,000ක. ඔක්කෝම ගත්තහම දින 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රෙටල් සංචිත අපි සතුව තියෙනවා. අපිට ඕන විදියට නැව් ගේන්න බෑ. ගබඩා හිස්වෙන ප්‍රමාණයට තමා තෙල් ගේන්න වෙන්නේ. එහෙමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ

    ගුවන් යානා ඉන්ධන සැපයුම සාමාන්‍ය දෛනික සැපයුම මෙට්‍රික් ටොන් 1,800ක් පමණ. දෛනික පිරිපහදුවෙන් මෙට්‍රික් ටොන් 1,080ක් හදනවා. ඉතුරු ටික අපි ආනයනය කරනවා. ඔක්කෝම ගත්තහම දින 49කට ගුවන් යානා ඉන්ධන සැපයුම් තියෙනවා. දවස ගතවෙද්දි නැවත ගබඩා හිස්වෙනවා. දැනට අපි නැව් ටික පෙළගස්වා තියෙනවා. RM Park සමාගම 14 වෙනිදා නැවක් එනවා. සිනෝපෙක් නැවක් එනවා 17 වෙනිදා. IOC නැවක් එනවා 21 වෙනිදා. තෙල් සංස්ථා‌වේ නැවක් 28 වෙනිදා එනවා.

    දැන් තියෙන බොරතෙල් ප්‍රමාණය දින 26කට ඇති. අපි තවත් නැවක් ගේන්වා. ඒ නැව තව දින 18කට ඇති. එතකොට අපිට බොරතෙල් දින 44කට බොරතෙල් පිරිපහදුව දුවන්න පුළුවන්. ඒ නිසා තෙල්වල කිසිදු අර්බුදයක් නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026

    මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

    March 3, 2026

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 20260113 Views

    මැදපෙරදිග කලාපයේ උද්ගතව තිබෙන යුදමය ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අභියෝග සහ…

    මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි

    March 3, 2026

    මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

    March 3, 2026

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.