Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිග් මැච් ගැන පොලීසියෙන් නිවේදනයක්
    Featured

    බිග් මැච් ගැන පොලීසියෙන් නිවේදනයක්

    By LFNMarch 2, 2026No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් අතර පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලි සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

    වාර්ෂිකව පවත්වනු ලබන මෙම ක්‍රිකට් තරග සඳහා පාසල් සිසුන් මෙන්ම ආදි සිසුන් සහ පාසල් ළමුන්ගේ දෙමාපියන්ද සහභාගී වේ.

    මේ අනුව පාසල් තුළ සිදුකරන ලබන මෙවැනි ක්‍රියාකාරකම්වලදී පාසල් ළමුන්ගේ සහ ඊට සහභාගී වන්නන්ගේ විනය සම්බන්ධයෙන් අවධානය යොමු වන කාලසීමාවක් වන අතර, එය තම පාසලේ ගෞරවයට ද බලපාන බව පොලීසිය අවධාරණය කර ඇත.

    ඒ අනුව බිග් මැච් පැවැත්වෙන කාලසීමාව තුළ පාසල් ළමුන් සහ දෙමාපියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පොලීසිය විසින් මෙලෙස සඳහන් කර තිබේ.

    * පාසලේ ගෞරවය රැකෙන පරිදි පොදු ස්ථානවල හැසිරීම.

    * පාරිභෝගිකයින්ට හෝ මහජනයාට පීඩාවක් වන පරිදි කෑකෝ ගැසීම සහ මාර්ග අවහිර කිරීමෙන් වැළකී සිටීම.

    *වෙනත් පාසල්වල සිසුන් සමඟ ගැටුම් ඇති කර නොගැනීම.

    * ලොරි, ට්‍රක් රථ හෝ වාහනවල අනතුරුදායක ලෙස ගමන් නොකිරීමට වගබලා ගැනීම.

    *බලපත්‍ර නොමැතිව රිය පැදවීම සහ බීමත්ව රිය පැදවීම සිදු නොකළ යුතු අතර එවැන්නන්ට ශ්‍රී ලංකා පොලීසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරමි.

    *රථ පෙළපාලි (Truck Parades) යාමේදී පොලීසියෙන් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.

    * තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුළට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය රැගෙන ඒම සපුරා තහනම් බව.

    * දුම්වැටි සහ වෙනත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරමි.

    *ප්‍රතිවිරුද්ධ පාසල්වල සිසුන් සමඟ ගැටුම් ඇති කර ගැනීම, ඔවුන්ට අපහාස කිරීම හෝ සමාජ මාධ්‍ය (Social Media) හරහා වෛරී සහගත ප්‍රකාශ පැතිරවීම සිදුනොකළ යුතු බව.

    මේ අතර, බිග් මැච් පැවැත්වෙන කාලසීමාවේ දී ඒ සඳහා සහභාගී වෙන පාසල් දරුවන්ගේ දෙමාපියන් වෙතද පොලීසිය මඟින් කරුණු කිහිපයක් අවධාරණය කර ඇත.

    එනම්,

    * තම දරුවන් සහභාගී වන උත්සව සහ ඔවුන් ගැවසෙන ස්ථාන පිළිබඳව විමසිලිමත්ව කටයුතු කිරීම.

    * නියමිත වේලාවට දරුවන් නිවසට පැමිණෙන්නේදැයි විමසිල්ලෙන් සිටීම.

    *රථපෙළපාලි වැනි ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට වාහන ලබාදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.

    මෙවැනි පාසල් ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගි වන දරුවන්, ආදි සිසුන් සහ දෙමාපියන් විසින් අනීතිකව හැසිරෙමින් පොදු දේපළවලට හානි කිරීම වැනි සාමය කඩකිරීම්, සිදුකරන අවස්ථාවන් නිරීක්ෂණය හෝ අනාවරණය වුවහොත් එවැනි අවස්ථාවන්වලදී පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කර බවද අදාළ නිවේදනය මඟින් අවධාරණය කර තිබේ.

    ඒ අනුව පාසල් අතර පවත්වන මෙවැනි ක්‍රිකට් තරඟාවලි ඇතුළු ක්‍රියාකාරකම්වලදී වගකීම් සහගතව ක්‍රීඩාවේ උද්යෝගය විඳගැනීමට සැවොම අවබෝධයෙන් කටයුතු කළ යුතු බව පොලීසිය අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.