Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක්

    March 2, 2026

    මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන් සහ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

    March 2, 2026

    දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතිනවා – ලංකා IOC සමාගමෙන් නිවේදනයක්

    March 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක්
    Featured

    අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක්

    By LFNMarch 2, 2026No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග කලාපය තුළ මේ වන විට ඇති වී තිබෙන අයහපත් වාතාවරණය හේතු කොටගෙන මහජනතාව විසින් ඉන්ධන අනිසි ලෙස ගබඩා කර තැබීමට කටයුතු කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය පවසයි.

    දිවයින තුළ අවශ්‍ය ප්‍රමාණයට තෙල් සංචිතයක් පවතින බවත්, මහජනතාවට ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසටත් ඛනිජ තෙල් සංස්ථාව මඟින් දැනුම් දී ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ.

    එසේ වුවද ඇතැම් පාර්ශවයන් විසින් සංවිධානාත්මකව ගැලුම් හෝ වෙනත් බාහිර බහාලුම් මඟින් ඉන්ධන රැස්කිරීම්
    සිදුකරන බැවින් එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා නැවත දැනුම්දෙන තුරු ධීවර යාත්‍රා, කර්මාන්තශාලා, වැඩබිම්, කෘෂිකාර්මික කටයුතු සඳහා සහ ගෘහ කටයුතු සඳහා හැර ගැලුම්, බෝතල් හෝ වෙනත් දෑ සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට ඉන්ධනහල් කළමණාකාරීත්වය සමඟ සාකච්ඡාකර අවශ්‍ය පියවර ගැනීමට සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද අදාළ නිවේදනයේ දැක්වේ.

    මෙලෙස අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කර ගබඩා කර තබා ගනිමින් වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන මෙන්ම, ඉන්ධන සම්බන්ධව සමාජ මාධ්‍යජාලා ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පලකරන පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳව සොයා බලා ඔවුනට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බවද අදාළ නිවේදනය මඟින් දැනුම් දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන් සහ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

    March 2, 2026

    දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතිනවා – ලංකා IOC සමාගමෙන් නිවේදනයක්

    March 2, 2026

    ගල්ෆ් කලාපයේ තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර

    March 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක්

    March 2, 20260117 Views

    මැදපෙරදිග කලාපය තුළ මේ වන විට ඇති වී තිබෙන අයහපත් වාතාවරණය හේතු කොටගෙන මහජනතාව විසින්…

    මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන් සහ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

    March 2, 2026

    දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතිනවා – ලංකා IOC සමාගමෙන් නිවේදනයක්

    March 2, 2026

    ගල්ෆ් කලාපයේ තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර

    March 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.