Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන් සහ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
    Featured

    මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන් සහ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

    By LFNMarch 2, 2026No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු සොයාබැලීමට සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව මෙන්ම සුභසාධනය වෙනුවෙන් ද රජය විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ.

    ඊයේ දින(01) සවස ජනාධිපති කාර්යාලයේදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ගනු ලැබීය.

    සංචාරකයන් සඳහා වීසා සහන සහ පහසුකම්

    දැනට දිවයින තුළ රැඳී සිටින සංචාරකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සලකා බැලූ රජය, ඔවුන්ගේ වීසා වලංගු කාලය සති දෙකකින් (දින 14) ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමට තීරණය කර ඇත. තවද අවශ්‍යය වේ නම් තවදුරටත් දීර්ඝ කිරීමට සලකාබලනු ඇත. මෙරට රැඳී සිටින සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුභ සාධන කටයුතු සොයා බැලීමටත් විදේශ අමාත්‍යාංශය හරහා අදාළ තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධ කඩිනම් වැඩපිලිවෙලක් සැකසීමටත් මෙහිදී තීරණය විය.

    මීට අමතරව මැදපෙරදිග රටවල් කිහියක ගුවන් අවකාශ වසාදැමීම නිසා ඇතිවී තිබෙන අවහිරතා සැලකිල්ලට ගනිමින්, විදේශ අමාත්‍යාංශය සහ ගුවන් සමාගම් ඒකාබද්ධව, විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ සංචාරකයන්ට සිය රටවල් බලා යාමට ඇති හැකියාව සලකා බැලීමටද තීරණය විය.

    එසේම මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන්ට බාධාවකින් තොරව පැමිණීමට විකල්ප ගමනාන්ත පිළිබදව අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීමටද සහ ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට ද තීරණය විය.

    සක්‍රීය මෙහෙයුම් මැදිරි සංචාරකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ සහාය සඳහා රජ්‍යය ආයතන කිහිපයක් හරහා පැය 24 පුරා ක්‍රියාත්මක සේවාවන් ස්ථාපිත කර ඇත.

    සංචාරක සංවර්ධන අධිකාරිය – මෙරට රැඳී සිටින සංචාරකයන් සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර, 1912 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඕනෑම ගැටලුවක් දැනුම් දිය හැකිය.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය – විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ තොරතුරු සහ සහාය ලබා දීමට 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක වේ.

    මීට අමතරව විදේශ අමාත්‍යාංශය මැදිහත් වී මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඇත.

    හදිසි අවස්ථාවකදී කඩිනම් ප්‍රතිචාර දැක්වීමටත්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් සියලුම තානාපති කාර්යාල සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම්ව සිටියි.

    තවද සංචාරකයන්ගේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව සිදුකීරීමටත්, පවතින තත්ත්වය මත පදනම්ව කඩිනම් තීරණ ගැනීමටත් රජය සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026014 Views

    අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව…

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.