Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇඳිවත පවා අහිමි කළ දිට්වා ව්‍යසනයට තෙමසක්

    February 27, 2026

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිට්වා සහන සේවා අද සිට නවතී

    February 27, 2026

    ඉන්දු – ලංකා සබඳතා වෙනදාටත් වඩා ශක්තිමත් වෙලා – මෙරට ඉන්දියානු මහකොමසාරිස්

    February 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇඳිවත පවා අහිමි කළ දිට්වා ව්‍යසනයට තෙමසක්
    Featured

    ඇඳිවත පවා අහිමි කළ දිට්වා ව්‍යසනයට තෙමසක්

    By LFNFebruary 27, 2026No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ආපදාව ලෙස සැලකෙන දිට්වා සුළිකුණාටුවෙන් මෙරටට හානි සිදුවී අදට (27) තෙමසක් ගතවෙයි.

    මෙම දරුණු ආපදා තත්ත්වයෙන් මෙරට පුද්ගලයින් 650කට දිවි අහිමි වෙද්දී අතුරුදන් වු 173 දෙනෙකු සොයා ගැනීමට තවමත් හැකිවී නොමැත.

    2025 වසරේ නොවැම්බර් 25 වනදා සිට ශ්‍රී ලංකාවට දකුණු මුහුදු කලාපයේ හටගත් අඩුපීඩන කලාපය පසුව පීඩන අවපාතයක් බවට පත්වෙමින් නොවැම්බර් මස 27 වැනිදා සුළි කුණාටුවක් බවට පරිවර්තනය වුණි.

    එම සුළි කුණාටුව නම් කෙරුණේ “දිට්වා” ලෙසය.

    මෙම දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පැය 24ක් තුළ මිලිමීටර් 540ක් තරම් වු වැඩිම වර්ෂාපතනයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ඇඳහැලුණු අතර ඉන් දිස්ත්‍රික්ක 25න් 22කටම එල්ලවූයේ දැඩි බලපෑමකි.

    දිට්වා බලපෑමෙන් නිවාස 6,018ක් සම්පූර්ණයෙන්ම විනාශ වු අතර තවත් නිවාස 108,879ක් අර්ධ වශයෙන් හානිවී තිබුණි.

    එමෙන්ම අදටත් සුරක්ෂා මධ්‍යස්ථාන 41ක පවුල් 1,150ක් රැඳී සිටින අතර තවත් පවුල් 43,831ක් නිවාස අහිමි වීම නිසා වෙනත් ස්ථානවල රැඳී සිටී.

    ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව මෙම දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ගොඩනැගිලි හා ඒවායේ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතල පහසුකම්වලට සිදුකර ඇති සෘජු භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1කි.

    කෙසේවෙතත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීම වෙනුවෙන් රජය සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ අතර එය මේ වනවිටත් ක්‍රියාත්මකය.

    එම වැඩසටහනට අනුව ආපදා තත්ත්වයට මුහුණ පෑ නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන අතර පෙබරවාරි මස 20 වැනිදා වනවිට එය ගෙවීමේ ප්‍රතිශතය 98.07%කි.

    එමෙන්ම ආපදාවෙන් බලපෑමට ලක්වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන්ගේ බඩු මුට්ටු හා අත්‍යවශ්‍ය ගෘහ උපකරණ මිලදී ගැනීමට රුපියල් 50,000ක දීමනාවක් ලබාදෙන අතර පෙබරවාරි මස 20 වැනිදා වනවිට ඒ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගෙන් 90.75%කට එම දීමනාව ලබාදී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිට්වා සහන සේවා අද සිට නවතී

    February 27, 2026

    ඉන්දු – ලංකා සබඳතා වෙනදාටත් වඩා ශක්තිමත් වෙලා – මෙරට ඉන්දියානු මහකොමසාරිස්

    February 27, 2026

    හිටපු ඇමති ප්‍රියංකරගේ නඩුවක සාක්ෂි විභාගය මාර්තු 24දා

    February 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඇඳිවත පවා අහිමි කළ දිට්වා ව්‍යසනයට තෙමසක්

    February 27, 20260118 Views

    ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ආපදාව ලෙස සැලකෙන දිට්වා සුළිකුණාටුවෙන් මෙරටට හානි සිදුවී අදට (27) තෙමසක්…

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිට්වා සහන සේවා අද සිට නවතී

    February 27, 2026

    ඉන්දු – ලංකා සබඳතා වෙනදාටත් වඩා ශක්තිමත් වෙලා – මෙරට ඉන්දියානු මහකොමසාරිස්

    February 27, 2026

    හිටපු ඇමති ප්‍රියංකරගේ නඩුවක සාක්ෂි විභාගය මාර්තු 24දා

    February 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.