මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට ජීවිත තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
අද (25) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ, අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශයෙන් ලද බුද්ධි තොරතුරක් මත මෙම පරීක්ෂණ ආරම්භ කළ බවය.
