Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෙනුරි මියගියේ මිනුවන්ගොඩ රෝහලේ නොසැලකිල්ලෙන්ද ?
    Featured

    සෙනුරි මියගියේ මිනුවන්ගොඩ රෝහලේ නොසැලකිල්ලෙන්ද ?

    By LFNFebruary 24, 2026No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ගත් 22 හැවිරිදි තරුණියක් අසාධ්‍යවීමෙන් පසු ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී තිබේ.

    මව්පියන් චෝදනා කරන්නේ මිනුවන්ගොඩ මූලික රෝහලේදී සිය දියණියට නිසි අයුරින් ප්‍රතිකාර නොලැබීම සහ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් ඇයගේ මරණය සිදුවූ බවය.

    මිනුවන්ගොඩ ජාපාල වත්ත ප්‍රදේශයේ පදිංචි සෙනුරි තක්ෂිලා නමැති 22 හැවිරිදි විවාහක කාන්තාවක් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 18 වනදා මිනුවන්ගොඩ රෝහල්ට ඇතුළත් කර තිබුණි.

    දින 4ක් මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව ඉකුත් 22 වනදා අලුයම 1ට පමණ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් විනාඩි 20කට පමණ පසු අවාසනාවන්ත ලෙස මියගිය බවද මව්පියන් චෝදනා කරයි.

    මියගිය සෙනුරිගේ මව්පියන් සහ සැමියාද පවසන්නේ ඇය මියයෑමට ප්‍රධාන හේතුව මිනුවන්ගොඩ මූලික රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල බවය.

    මේ අතර මියගිය සෙනුරිගේ මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ඇය ඩෙංගු රෝගයට ගොදුරුවීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවත්ය.

    කෙසේවෙතත් සෙනුරිගේ මව්පියන් චෝදනා කරන්නේ දියණිය දින 4ක් මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබුවත් එම රෝහලේ වෛද්‍යවරුන්ට සිය දියණියට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට අනාවරණය කරගැනීමට නොහැකිවූ බවය.

    සෙනුරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (25) මිනුවන්ගොඩ ජාපාල වත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.