Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026

    අධික කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

    April 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවලංගු වූ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගම් දේශනය ගැන නාමල්ගෙන් නිවේදනයක්
    Featured

    අවලංගු වූ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගම් දේශනය ගැන නාමල්ගෙන් නිවේදනයක්

    By LFNFebruary 23, 2026No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය හමුවේ නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ දේශනයක් අවලංගු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ තමාට ලද ආරාධනය මත කොන්දේසි විරහිතව පිළිගත් නමුත් සංවිධානාත්මක පිරිස් විසින් ඇතිකරන ලද පීඩනය හේතුවෙන් දේශන සහ සංවාද අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලයට සිදුව ඇති බවය.

    බාධා කිරීම් වෙනුවට සාකච්චා හරහා කරන ආමන්ත්‍රණ බිය ගැන්වීමෙන් නිහඬ කිරීමට වඩා තර්කය හරහා හුවමාරුව වැදගත් බව සමාජයට ඉදිරිපත් කරන බවද නාමල් රාජපක්ෂ මහතාගේ එම නිවේදනයේ සඳහන්ව තිබේ.

    කෙසේ වෙතත් තමන්ට ආරාධනා කිරීම සම්බන්ධව වෘත්තිය සමිති ද්විත්වයටම සිය ස්තූතිය පළ කරන බව සඳහන් කර ඇති මන්ත්‍රීවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අනාගතයේදී සංවාද පවතින සාකච්ඡාවන් දිරිමත් කරන සංසදයක හමුවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවය.

    නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය පහතින්,

    ඔක්ස්ෆර්ඩ් සංගමයේ සහ කේම්බ්‍රිජ් සංගමයේ සම්ප්‍රදායන්, පරම්පරා ගණනාවක් තිස්සේ නිදහස් විමර්ශනය, විවාදාත්මක මත පළ කිරීම සහ ධෛර්ය සම්පන්න බව යන ඉහළම පරමාදර්ශ නියෝජනය කර ඇත.

    මෙම ඓතිහාසික සංසදවලට ආරාධනා කරන ලද කථිකයින් බුද්ධිමත් සහ විවේචනාත්මක ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ දුෂ්කර ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ඔවුන්ගේ අදහස් ආරක්ෂා කිරීමටත් මෙන්ම ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිකෝණයන් සමඟ සම්බන්ධ වීම අපේක්ෂා කෙරේ. මෙයට සහභාගී වීමට මා බලාපොරොත්තු වූයේත්, කොන්දේසි විරහිතව එම ආරාධනාව පිළිගත්තේත් ඒ සියල්ලටම ගරු කරමිනි.

    සංවිධානාත්මක පිරිස් විසින් ඇති කළ පීඩනය නිසා මෙම දේශන සහ සංවාද සැසි අවලංගු කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි. බාධා කිරීම වෙනුවට සාකච්ඡාවන් හරහා කරන ආමන්ත්‍රණය බිය ගැන්වීමෙන් නිහඬ කිරීමට වඩා තර්කය හරහා අදහස් හුවමාරුව වැදගත් බව සමාජයට ඉදිරිපත් කරනු ඇත.

    අර්ථවත් සංහිඳියාවක් සහ ප්‍රගතියක් ඇති විය හැක්කේ විවෘත සංවාදයකදී වෙනස් දෘෂ්ටිකෝණයන් හමු වූ විට පමණක් බැවින්, මගේ අදහස්වලට දැඩි ලෙස විරුද්ධ වන අය ඇතුළු විචාරකයින් සමඟ සෘජුවම සම්මුඛ වීමට අවස්ථාව ලැබීම මම සාදරයෙන් පිළි ගන්නා බව දැනුම් දීමට කැමැත්තෙමි. එවැනි සම්බන්ධතාවයක් සහ අවස්ථාවක් ප්‍රතික්ෂේප කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නොකරයි. විවාදයකින් තොරව බෙදීමක් තුළින් සම්බන්ධතාවයක් ප්‍රතිස්ථාපනය කිරීම දුර්වලකමකි.

    වෘත්තීය සමිති ද්විත්වයටම ඔවුන්ගේ ආරාධනය වෙනුවෙන් මම මගේ කෘතඥතාව පළ කරන අතර අතර ඔවුන් මුහුණ දුන් දුෂ්කර තත්ත්වය වටහා ගනිමි. අනාගතයේදී අපට සංවාද පවතින සාකච්ඡාවන් දිරිමත් කරන සංසදයක හමුවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026

    හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

    April 16, 2026

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,431 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 202603 Views

    දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු අද (16) පස්වරුවේ දියේ…

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026

    අධික කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

    April 16, 2026

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 16, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.