මොරටුව, කොරළවැල්ල ජුබිලි පාර මුහුදු වෙරළේ මෘත ශරීරයක් ගොඩ ගසා ඇති බවට මොරටුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ කොරළවැල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න තහවුරු කරගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව අදාළ කාන්තාව සමග පුද්ගලික ආරවුලක් ඇති කරගත් කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
