Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් අද සිට වෙළෙඳපොළට
    Featured

    ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් අද සිට වෙළෙඳපොළට

    By LFNFebruary 23, 2026No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.

    ඒ අනුව අද (23) සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව එම සමාගම සඳහන් කළේය.

    ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ පැමිණි අතර ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බවද එම සමාගම සදහන් කළේය.

    මේ අතර තවත් ගෑස් නෞකා 02ක් ලබන 25 සහ 28 යන දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

    පසුගිය දිනවල ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත ඉහළ යාමක් හේතුවෙන් මෙරට ගෑස් වෙ‍ෙළඳපොළ තුළ ලිට්රෝ ගෑස් සැපයුමට බාධා එල්ලවිය.

    කෙසේ වෙතත් අද දිනයේ සිට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව වෙ‍ෙළඳපොළේ පවතින ගෑස් හිඟය ක්‍රමානුකූලව පහව යනු ඇති බවද එම සමාගම වැඩිදුරටත් සදහන් කළේය.

    එමෙන්ම අවශ්‍ය පරිදි තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති අතර පෙබරවාරි මාසය අවසන් වීමට පෙර එම ගෑස් නෞකා මෙරටට පැමිණීමට නියමිත බවද එම සමාගම පවසයි.

    මේ අතර මාර්තු 12 වැනිදා සිට ලිට්රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා සඳහන් කළේය.

    පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කළ අතර ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් පොලිම්වල රැඳි සිටිනු ද දක්නට ලැබුණි.

    එහිදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් වෙළෙඳුන් පැවසුවේ ගෑස් පැමිණෙන නිශ්චිත දිනයක් සම්බන්ධව ලිට්රෝ ගෑස් සමාගම තමන්ව දැනුවත් කර නොමැති බවය.

    කෙසේ වෙතත් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බැවින් පවතින ගෑස් හිඟය ක්‍රමානුකූලය පහව යනු ඇති බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.