Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුත්තලමේ ත්‍රීරෝද රථ රියදුරා ඝාතනය කර රථය පැහැරගෙන
    Featured

    පුත්තලමේ ත්‍රීරෝද රථ රියදුරා ඝාතනය කර රථය පැහැරගෙන

    By LFNFebruary 23, 2026No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුලී ගමනක් යන මුවාවෙන් කැඳවා ගෙන ගොස් රියදුරු ඝාතනය කර ත්‍රීරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පුත්තලම පොලීසිය ආරම්භ කර තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම – තිල්අඩිය, අල්කාසිම් ගම්මානයේ පදිංචිව සිටි 72 හැවිරිදි පස්දරු පියෙක් බව පොලීසිය සඳහන් කරයි.

    පසුගිය 21 වෙනිදා රාත්‍රීයේ මිය ගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇති අයෙකු කුලී ගමනක් යාම සඳහායැයි පවසා ඔහුව කැදවා ගෙන ගොස් ඇත.

    22 වෙනිදා අළුයම පුත්තලම – අඩපනාවිල්ලුව ප්‍රාදේශයේ කාණුවක තිබී මිය ගොස් ඇති අයෙකුගේ සිරුරක් ප්‍රදේශවාසියෙකු විසින් දැක ඒ බව පොලීසියට දැනුම්දීමට කටයුතු කර තිබේ.

    මෙලෙස මිය ගොස් ඇත්තේ පෙර දින කුලී ගමනක් යාම සඳහා ගිය ත්‍රීරෝද රථයේ හිමිකරු බවට ඔහුගේ ඥාතීන් හඳුනාගෙන ඇත.

    සොරාගන්නා ලද බව කියන ත්‍රීරෝද රථය මේ දක්වා හමුවී නොමැති අතර ඝාතනයට ලක්වු අයගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පුත්තලම පොලීසිය විසින් ක්‍රියාත්මකවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 2026

    පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 21, 2026

    මාතර ලවණ බාධකයේ සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 202603 Views

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට…

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.