ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධිවර සහ නාවික ප්‍රජාව සඳහා අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, පහත සිතියමේ සලකුණු කර ඇති මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැ.කි.මී (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව සඳහන් වේ.
ධීවර සහ නාවික ප්‍රජාව, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
