Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»NBRO අනතුරු ඇඟවීමක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි
    Featured

    NBRO අනතුරු ඇඟවීමක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

    By LFNFebruary 22, 2026No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළය, දොළුව, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, උකුවෙල, විල්ගමුව, රත්තොට, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත.

    දිස්ත්‍රික්ක හයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12කට අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකු කර තිබේ.

    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර සහ පාත දුම්බර මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ, නෝවුඩ්, අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කළවාන සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නිවේදනය බලාත්මක වේ.

    එමෙන් ම දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23කට අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබේ.

    බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්දේකැටිය, හපුතලේ, පස්සර සහ බණ්ඩාරවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර, පාතදුම්බර, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සහ බුලත්කොහුපිටිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරන්කෙත, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙය ක්‍රියාත්මක වන බව වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

    “මෙම නිවේදන අද දිනයේදී ලැබෙන වර්ෂාපතනයත් සමඟ යම් ආකාරයට වෙනස්වීමට ලක්විය හැකියි. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟ නායයෑම් සක්‍රීයවීමට ඉඩකඩ බොහෝමයක්ම වැඩියි. සිදුවෙච්ච නායයෑම් මාර්ග දිගේ තැන්පත් වෙච්ච පස් තියෙනවා. ගල් තියෙනවා. මේ වර්ෂාපතනයත් සමඟ ඒ ගලා ඒමේ හැකියාව වැඩිදුරටත් පවතිනවා. ඒ සම්බන්ධයෙන් ජනතාව අතිශයෙන්ම විමසිලීවන්ත විය යුතුයි. එම නිසා එම ස්ථාන පහුවෙන විට ඉතාමත් අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම යම් ආකාරයක වර්ෂාපතනයේ වැඩිවීමක් සිදුවන්නේ නම් එම ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා. ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.