Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගතවූ පැය 24 තුළ මි.මී 171ක වැඩිම වැස්ස ඇහැළියගොඩට
    Featured

    ගතවූ පැය 24 තුළ මි.මී 171ක වැඩිම වැස්ස ඇහැළියගොඩට

    By LFNFebruary 22, 2026No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මි.මී 171ක් ලෙස සටහන් වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.

    එමෙන්ම කටුගස්තොට ප්‍රදේශයට මි.මී 120ක පමණ තද වැසි ඇඳ හැලී ඇති බවද සඳහන්.

    ඊයේ (21) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාව ලැබී ඇති අතර සබරගමුව, මධ්‍යම හා නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි වාර්තා වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (22) පස්වරු 1.00න් පමණ පසුව, තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.

    ඒ අතරින් ඇතැම් ස්ථානවලට අද දවසේදීත් මිලි මීටර් 100ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල තාවකාලික තද සුළංද ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

    මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලද උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයකුත් පැවතිය හැකියි.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ දිවයින වටා මුහුදු තීරය විශේෂයෙන්ම ගාල්ල සිට, මාතර, හම්බන්තොට, පොතුවිල්, ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද දවසේදී විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවය.

    එමෙන්ම සෙසු මුහුදු ප්‍රදේශවලත් හවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද ඒ මහතා පැවසීය.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං, ප්‍රධාන වශයෙන් වයඹ දෙසින් හමා එන බවත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 20ත් 30ත් අගයක පැවතිය හැකි බවත් සඳහන්.

    කෙසේ වෙතත් මාතර සිට පොතුවිල්, ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40, 45ක අගයක් දක්වා වර්ධනය විය හැකි නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක රළු ස්වභාවයක් ඇති විය හැකි බවද සඳහන්.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා

    ”බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ අද දිනයේ නුවර ප්‍රදේශයට.විශේෂයෙන්ම පල්ලෙකැලේ පැවැත්වෙන මේ ලෝක කුසලාන තරගය සම්බන්ධයෙන්. දැනට අපිට පවතින නවතම දත්ත අනුව බැලුවොත් විශේෂයෙන්ම නුවර ආශ්‍රිතව හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතිනවා. ඉතින් තවදුරටත් අපිට කියන්න වෙන්නේ වැසි සඳහා වැඩි අවස්ථාවක් තියෙන බව. හෙටින් පස්සේ අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් වැසි අවම ස්වභාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 2026

    පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 21, 2026

    මාතර ලවණ බාධකයේ සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 202603 Views

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට…

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.