පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර, කාන්තාවකට තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් නෙළුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 67ක් වූ මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටත් තුවාලකාරිය මියගිය පුද්ගලයාගේ බිරිඳ වන බවත් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මොරවක රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 49ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ
