Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෝමාගමදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    February 21, 2026

    හෙට වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    February 21, 2026

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරියේදී විද්වත් කමිටුවක්

    February 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරියේදී විද්වත් කමිටුවක්
    Featured

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරියේදී විද්වත් කමිටුවක්

    By LFNFebruary 21, 2026No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසිපරිදි ඉදිරියට ගෙනයෑම සඳහා ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත්කිරීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ ඊයේ (20) යාපනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඊයේ මෙලෙස පැවැත්වුණි.

    එය සංවිධාන කර තිබුණේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජනතා ව්‍යාපාරය විසිනි.

    එහිදී අදහස් දැක්වූ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක,

    ”මෙන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන 2026 අවුරුද්දේ වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන දාහතක්. ඒ පාසල් අතර තියෙන යටිතල පහසුකම් වර්ධනය කරන්න. ඒ වගේ උපාධිධාරී ගුරුවරුන් 23,304ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය අරගෙන තියෙන්නේ. මාර්තු පස්වෙනිදා වෙනකොට අයදුම්පත් ගන්න එක අවසන් වෙනවා. එතනින් පස්සේ අපිට බඳවා ගැනීම් කටයුතු කරන්න පුළුවන්. මේ සාමාන්‍ය පෙළ ක්‍රමය මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි තියෙන ස්වරූපය වෙනස් වෙයි. අලුත් විෂය මාලා සංවර්ධනයත් එක්ක. මේ ක්‍රියාවලිය තුළ ඇගයීම් ක්‍රම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් අපේ වගේ රටවල්වල අපි දන්නවා ගුරුවරයා සහ ළමයා අතර තියෙන සමහර පුද්ගල සම්බන්ධතා වගේ දේවල් නිසා යම් ගැටළුකාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්. අපි ඒක සාකච්ඡා කරලා මේ අනුපාතය කොයි විදියට වෙන්න ඕනේ කියලා ඒ විද්වත් වෘත්තිකයන් විසින් තීරණය කරාවි.

    විශේෂයෙන් ඔය ඉංග්‍රීසි මොඩියුලයේ ඇතිවෙච්ච දුර්වල තැන් කිහිපයක් තිබුණා. අපිට ඒවා නිවැරදි කරගන්න අවශ්‍යයි.. ඒ වගකීම් විරහිතව කටයුතු කරපු නිසා තමයි එවැනි දෙයක් පෙළපොතට ඇතුලත් වෙලා තියෙන්නේ. අපි ඒ අයට දැන් දඬුවම් දීලා තියෙන්නේ. දැනට තියෙන අනෙකුත් පෙළපොත් සම්බන්ධයෙනුත් විද්වත් වෘත්තිකයන් හරහා ගැඹුරු විමර්ශනයක් කරන්න අපි කටයුතු කරනවා. ඒ හරහා, එතනින් පස්සේ අපි 2027දී හය වසරේ ඉඳලා නැවත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරනවා.

    එතෙනදී සමහරු අහනවා අර දැන් මේ 2026 වසරේ ඉඳලා හය වසරේ දරුවෝ සූදානම් වෙලා හිටියා. දෙමව්පියෝ සූදානම් වෙලා හිටියා. ඒ දරුවන්ට හත වසරෙදි ඉඳලාවත් මේක ක්‍රියාත්මක කරන්න ඉල්ලීමක් තියෙනවා. නමුත් ඒක දේශපාලඥයන් හැටියට අපි විසින් තීරණය කළ යුතු එකක් නෙමෙයි. ඒ හා සම්බන්ධ අධ්‍යාපනඥයන්, විද්වත් වෘත්තිකයන් එක්ක කරන සාකච්ඡාවකින් පස්සේ අපි හොයලා බලනවා 2027 අවුරුද්දෙදි 7වසරේ ඉඳලා දරුවන්ට අවස්ථාව ලබා දෙන්න පුළුවන්ද කියලා. ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා විද්වත් වෘත්තිකයන්ගෙන් සමන්විත ඒ වගේම අවශ්‍ය වන අනෙකුත් කණ්ඩායම් සහභාගී වන කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෝමාගමදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    February 21, 2026

    හෙට වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    February 21, 2026

    පොලිස් විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    February 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,375 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    හෝමාගමදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    February 21, 20260112 Views

    රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට…

    හෙට වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    February 21, 2026

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරියේදී විද්වත් කමිටුවක්

    February 21, 2026

    පොලිස් විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    February 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.