පොලීසිය සිදු කරගෙන යන අපරාධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ඊයේ (20) දිනයේ පමණක් පුද්ගලයන් 29,165ක් පරික්ෂාවට ලක් කර තිබේ.
එහිදී සැකපිට පුද්ගලයන් 584 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් සැකකරුවන් 18දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පැවසීය.
ඊට අමතරව, දින වරෙන්තුකරුවන් 249දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 130දෙනෙකු අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ විශේෂ මෙහෙයුම යටතේ බීමත් රියදුරන් 286දෙනෙකු සහ අපරික්ෂාකාරීව රිය පැදවීම හේතුවෙන් 57දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවය.
