Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය යළිත් යටවෙයි

    February 21, 2026

    මාමණ්ඩියගේ පිහි පහරින් බෑනා මරුට

    February 21, 2026

    රත්‍රං මිලේ වෙනසක්

    February 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් ලක්ෂ 8කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට
    Featured

    රුපියල් ලක්ෂ 8කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට

    By LFNFebruary 21, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් ලක්ෂ 08කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 44,000ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

    ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන, දැනට විදේශගතව සිටින සුධාරක දේවප්‍රිය පීරිස් නමැති පුද්ගලයා මෙම සැකකරුගේ මස්සිනා බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

    එම පුද්ගලයා සතු මත්ද්‍රව්‍ය මෙරට තුළ බෙදාහැරීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය යළිත් යටවෙයි

    February 21, 2026

    මාමණ්ඩියගේ පිහි පහරින් බෑනා මරුට

    February 21, 2026

    රත්‍රං මිලේ වෙනසක්

    February 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,375 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය යළිත් යටවෙයි

    February 21, 20260117 Views

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය අද (21) පෙරවරුවේ අඩියක් පමණ ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ…

    මාමණ්ඩියගේ පිහි පහරින් බෑනා මරුට

    February 21, 2026

    රත්‍රං මිලේ වෙනසක්

    February 21, 2026

    රිය අනතුරකින් 3 හැවිරිදි දැරියකට දිවි අහිමි වෙයි

    February 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.