‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ඊයේ 19 වන දින නල්ලතන්නියේදී ‘සමනොල සිරි හරිත වන්දනා’ වැඩසටහන අරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ මඟ පෙන්වීම යටතේ යුද්ධ හමුදා භටපිරිස් සිය සහාය ලබාදී ඇත.මෙම වැඩසටහනේ අරමුණ වූයේ බැතිමතුන් වන්දනා මාන කරනු ලබන ප්‍රදේශයන්හි පාරිසරික පිරිසිදුබව ආරක්‍ෂා කිරීම සහ ඒ සඳහා තිරසාර පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමයි. ඒ අනුව එම වැඩසටහනේදී ඊට සහභාගී වූවන් විසින් නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම, පිරිසිදු කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව වීදි නාට්‍ය මගින් බැතිමතුන් දැනුවත් කර අවට පරිසරයට බැහැර කර තිබූ අපද්‍රව්‍යද ආරක්‍ෂිතව ඉවත් කර ඇති බවට වාර්තාවේ.





