Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකාවක් කොළඹ වරායට

    April 21, 2026

    ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්

    April 21, 2026

    ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි – පොලිසිය

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා – දැරියක දූෂණය කළ 51 හැවිරිදි සැකකරු මොනරාගල දී දැලේ
    Featured

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා – දැරියක දූෂණය කළ 51 හැවිරිදි සැකකරු මොනරාගල දී දැලේ

    By LFNFebruary 19, 2026No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා
    2025 වර්ෂයේ අවුරුදු 16යි මාස 06ක් වයසැති පාසල් ශිෂ්‍යාවක දූෂණය කර සැඟවී සිටි සැකකරුවකු මොනරාගල පොලිසිය මගින් 17 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරු පොලිසිය මඟහරිමින් සිට ඇති අතර අතවරයට පත් වූ දැරිය පරිවාස දෙපාර්තමේන්තුව මගින් ළමා නිවාසයකට යොමු කර තිබිණි.

    දැරියගේ නිවස අසල පිහිටි 51 හැවිරිදි සැකකරුගේ නිවසට ඇය පැමිණි අවස්ථාවකදී මෙම දූෂණය සිදුකර තිබේ.

    ඒ පිළිබඳව පස්සර පොලිසියට දැරියගේ වැඩිහිටියන් පැමිණිලි කිරීමෙන් පසුව දැරිය පරිවාසයට යොමු කර නැවත පාසලට යොමු කර ඇත.

    සැකකරු අත්අඩංගුවට ගැනීමට පස්සර පොලිසිය පරීක්ෂණ ආරම්භ කළත් ඔහු මොනරාගලට පැමිණ සැඟවී සිට තිබේ.

    14 වැනිදා පැවැති පෙම්වතුන්ගේ දිනයේ දී (වැලන්ටයින් දිනයේදී) සැකකරු විසින් දැරිය දුරකථනය මාර්ගයෙන් සම්බන්ධ කරගෙන පාසල අසල දී පාසල් නිල ඇඳුම පිටින්ම මාරාව ප්‍රදේශයේ නිවසකට කැඳවාගෙන ගොස් එහිදී ද අඹු සැමියන් ලෙස හැසිරී ඇත.

    සැකකරු බෝහිටිය මාරාව ප්‍රදේශයේ සැඟවී සිටින බවට මොනරාගල පොලිසියට ලද තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

    එහි සිටි දැරිය ද පොලිසිය භාරයට ගෙන ඇත.

    දැරිය සහ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මොනරාගල පොලිසිය මගින් පස්සර පොලිසියට භාර දී තිබේ.

    මොනරාගල මූලස්ථාන ප්‍ර.පො.ප ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.
    බඩල්කුඹුර රවිඳු ගුණතිලක

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකාවක් කොළඹ වරායට

    April 21, 2026

    ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්

    April 21, 2026

    ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි – පොලිසිය

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකාවක් කොළඹ වරායට

    April 21, 202603 Views

    ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව ‘මිශ්‍රක වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving…

    ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්

    April 21, 2026

    ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි – පොලිසිය

    April 21, 2026

    පතුල් පහළ බස් රථ සේවාව ඇරැඹෙයි

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.