Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අල්ලස් ලබාගත් ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට
    Featured

    අල්ලස් ලබාගත් ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට

    By LFNFebruary 18, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) ක්වාසි අධිකරණයේ සහ පොළොන්නරුව (වැ.බ.) ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (17) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, ඕට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

    පැමිණිලිකරුගේ නීත්‍යනුකූල බිරිඳ විසින් දරුවන්ට නඩත්තු මුදල් ගෙවීම සඳහා නඩුවක් පවරා තිබූ අතර, නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පැමිණිලිකරුට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.

    එම විවෘත වරෙන්තුව අවලංගු කරගැනීම සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද නඩත්තු නඩුවට අදාළ විස්තර වාර්තාවේ සහතික පිටපතක් ලබාදීමට රුපියල් 5,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වෙයි.

    සැකකරු අංක 621, අක්බර් පල්ලිය පාර, වාලච්චේන 05 හි පිහිටි ක්වාසි අධිකරණ කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වාලච්චේන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.