Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක්

    April 19, 2026

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ ඡායාරූප භාවිත කර කූඨ ලෙස මුදල් එකතු කළ චීවරධාරියෙක් අත්අඩංගුවට
    Featured

    අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ ඡායාරූප භාවිත කර කූඨ ලෙස මුදල් එකතු කළ චීවරධාරියෙක් අත්අඩංගුවට

    By LFNFebruary 18, 2026No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්වරුන්ගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් සකසා කූඨ ලෙස මුදල් එකතු කළ චීවරධාරියෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

    21 හැවිරිදි මෙම චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු වැඩවාසය කළ මුරුතලාව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකදීය.

    දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පාසල් දරුදැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට බව පවසමින් කූඨ ලෙස සැකසූ ලිපි කිහිපයක් ද එම චීවරධාරියා සතුව තිබී විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබේ.

    එම ලිපි අදාළ අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන්ගේ අත්සනින් යුතු ඒවා බව වාර්තා වේ.

    අදාළ ලිපි පෞද්ගලික ආයතන වෙත යොමුකරමින් සැකකාර චීවරධාරියා මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර පොලිස් විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස්මත ක්‍රියාත්මක බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක්

    April 19, 202605 Views

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූ බව අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිසන් පවසයි.…

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.