Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක්

    February 17, 2026

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    February 17, 2026

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
    Featured

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    By LFNFebruary 17, 2026No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හෙට (18) දක්වා රඳවා තබා ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දී තිබේ.

    මෙම සැකකරුවන් දෙදෙනා කොට්ටාවේදී ඊයේ (16) පස්වරුවේ බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වන බවද පොලීසිය පැවසීය.

    කෙසේවෙතත් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත ඩුබායි නිපුන හා මල්වානේ ටුටූ නැමැත්තන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවය.

    මේ අතර අදාළ සොහොයුරන් දෙදෙනා විසින් අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳසැල අසල රැඳී සිටි වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදෙන අයුරු ඇතුළත් සීසීටීවී රූපරාමු පෙළක් ද මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත.

    එහි දැක්වෙන්නේ අත්අඩංගුවට පත් වූ එක් තරුණයෙකු විසින් ඔවුන් පැමිණ මෝටර් රථයෙන් බෑගයක් රැගෙනවිත් වෙඩික්කරුවන් රැඳී සිටි මෝටර් රථයට ලබාදෙන අයුරුය.

    අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් හෝකන්දර දෙසට යන ආකාරය ද එහි දැක්වේ.

    ඒ අතරතුරදී අදාළ නීතීඥවරයාද එම මාර්ගයේ පැමිණෙන අතර පසුව අත්අඩංගුවට පත් වූ දෙදෙනා ඒ පිළිබඳව වෙඩික්කරුවන්ට දැනුම්දී ඇති බවද පොලිසිය සඳහන් කළේය.

    තලංගම අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳැසලක රථ ගාලේදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි.

    අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක්

    February 17, 2026

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

    February 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක්

    February 17, 20260120 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන්…

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    February 17, 2026

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

    February 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.