Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

    February 17, 2026

    විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

    February 17, 2026

    දුම්රියේ ගැටී වනඅලියෙකු මරුට – දුම්රියත් පීලි පනී

    February 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා
    Featured

    පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා

    By LFNFebruary 17, 2026No Comments3 Mins Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    – මෙවර විස්සයි20 ලෝක කුසලානයේ පළමු ශතකය.

    – පැතුම්ගේ විස්සයි20 ඉනිමේ දෙවැනි ශතකය.

    – ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයකදී ක්‍රීඩකයෙක් නොදැවී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව.

    – විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකික පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය.

    – විස්සයි20 ශතක දෙකක් වාර්තා කළ එකම ශ්‍රී ලංකා පිතිකරු.

    – 2014 වසරෙන් පසු ලෝක කුසලාන තරගාවලියකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩකයෙක් රැස්කළ පළමු ශතකය.

    පැතුම් නිස්සංකගේ සුපිරි ශතකය හමුවේ මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරගවටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ සමත් වුණි

    ඒ මුලික වටයේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමඟය.

    B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය තමන් දෙසට පෙරළාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ තීරණය වූයේ පළමුව පන්දු රැකීමටය.

    ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයට එක් වෙනස්කමක් සිදුකරමින් කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබුණේ කමිල් මිෂාර වෙනුවටය.

    මේ අතර ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය ආරම්භ වූ පසුවත් පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටුව අසල තරගය නැරඹීමට ආ ක්‍රීඩාලෝලීන්ගේ දැඩි තදබදයක් හටගත්තේය.

    ඔස්ට්‍රේලියා ඉනිම ට්‍රැවිස් හෙඩ් සමඟින් නායක මිචෙල් මාෂ් ඇරඹු අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට පන්දු 51කින් ලකුණු 104ක සබඳතාවක් ගොඩනැගුවේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්ෂකයින්ව මදකට නිහඬ කරමින්ය.

    එම සබඳතාව බිඳවැටුණේ ට්‍රැවිස් හෙඩ් ලකුණු 56කට දැවී යාමත් සමඟය.

    මිචෙල් මාෂ් ලකුණු 54යි.

    ඒ අතර වාරයේදී තරගයේ පන්දු යවමින් සිටි මතීෂ පතිරණ වම්පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදුවුණි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, මතීෂව අද ස්කෑන් පරික්ෂණයක් සඳහා යොමු කරන බවය.

    විටෙක ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 2ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 104ක් ලබා සිටියත් ඔවුන්ගේ කඩුලු 10ම ලකුණු 77ක් තුළ දවාගන්නට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත්වුණි.

    සුපිරි පන්දු යැවීමක නිරත වූ දුෂාන් හේමන්ත කඩුලු 3ක් දවාගනිද්දී දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවාගත්තේය.

    ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 181කට සීමාවුණි.

    ලකුණු 182ක ඉලක්කයක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කුසල් ජනිත් පෙරේරායි.

    කුසල් ජනිත් පෙරේරා එක් ලකුණුකට දැවීගියේය.

    කෙසේ වෙතත් දෙවැනි කඩුල්ලට පැතුම් සමඟ පිටියේ එක්වු කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල පන්දු 66කින් ලකුණු 97ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩයමේ ජය මාවත විවර කළේය.

    මෙවර තරගාවලියේදී පිට පිට ලබාගත් තුන්වැනි අර්ධ ශතකය රැස්කරගනිමින් කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් ලබාගත්තේය.

    ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 20 ට ලකුණු 20ක් රැස්කරගත යුතුව තිබුණි.

    ඒ වනවිටත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකර සිටි පැතුම් නිස්සංක පහසුවෙන් එම ඉලක්කය හඹා ගියේ මෙවර විස්සයි20 ලෝක කුසලානයේ පළමු ශතකය ද වාර්තා කරමිනි.

    පැතුම්ගේ විස්සයි විස්ස ඉනිමේ දෙවැනි ශතකය මෙය වන අතර ඔහුගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 5කින් වර්ණවත් වුණි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයකදී ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර මීට පෙර ලෝක කුසලානයකදී ශතකයක් රැස්කර තිබුණේ මහේල ජයවර්ධන පමණයි.

    විස්සයි20 ලෝක කුසලානයකදී ශ්‍රී ලාංකික පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය වන අතර විස්සයි20 ශතක දෙකක් වාර්තා කළ එකම ශ්‍රී ලංකා පිතිකරු වන්නේ ද පැතුම් නිස්සංකයි.

    මේ අතර 2014 වසරෙන් පසු ලෝක කුසලාන තරගාවලියකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩකයෙක් රැස්කළ පළමු ශතකයද මෙය වේ.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිය ජයග්‍රාහී කඩයිම පසුකර ගියේය.

    ශ්‍රී ලංකාව මෙම හඹාගිය ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ පන්දුවාර 20 තරගයක මව්බිමේදී හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටය.

    ලෝක කුසලාන තරගාවලියකදී හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත් මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණි.

    මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ඔස්ට්‍රේලියා කණ්ඩායමක් පරාජයට පත්කරන්නේ වසර 17කට පසුව වීමත් කැපීපෙනෙයි.

    තරගයේ වීරයා පැතුම් නිස්සංක.

    තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව නායක දසුන් ශානක පල්ලේකැලේට පැමිණ සිටි ක්‍රීඩාලෝලීන්ට සිය ස්තූතිය ප්‍රකාශ කළේය.

    මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලද මේ සුපිරි ජයග්‍රහණයෙන් පසු ක්‍රීඩාලෝලීන් සිය සතුට පළකර සිටියේය.

    කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට නම්, අයර්ලන්තය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම අද පරාජය විය යුතුයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

    February 17, 2026

    විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

    February 17, 2026

    දුම්රියේ ගැටී වනඅලියෙකු මරුට – දුම්රියත් පීලි පනී

    February 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

    February 17, 20260119 Views

    ‍බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී නිල සංචාරයක් සඳහා අද (17) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඩේවිඩ්…

    විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

    February 17, 2026

    දුම්රියේ ගැටී වනඅලියෙකු මරුට – දුම්රියත් පීලි පනී

    February 17, 2026

    පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා

    February 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.