Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

    February 16, 2026

    ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව

    February 16, 2026

    ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි

    February 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි
    Featured

    ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි

    By LFNFebruary 16, 2026No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියට යන ගමන, ජාතිවාදය ඇතිකර ආපස්සට ගන්න කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, පටන් ගත්ත වෙනස ඉදිරියට ගෙනියන්න කාන්තාවන්ද ඉදිරියට පැමිණිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    මන්නාරම, අඩම්බල් ප්‍රදේශයේ ඊයේ (15) පැවති මන්නාරම් දිස්ත්‍රීක් කාන්තා හමුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

    “අපේ රටේ තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි යුද්ධය, ප්‍රචණ්ඩත්වය, අපි එකිනෙකා දිහා අවිශ්වාසයෙන් බැලුවේ. ඇත්තටම අපි බෙදුණු රටක් වුණා යුද්ධය නිසා. ඒ හේතුවෙන් වැඩිපුරම ගැටලුවලට මුහුණ දුන්නේ කාන්තාවන්. අපි දන්නවා රටේ බහුතරයක් කාන්තාවන් අම්මා, තාත්තා, පුතා, දුව,සහෝදර, සහෝදරියන් නැතුව දුක් විදිනවා. මේ ප්‍රදේශයේ එහෙම දුක් විදින බොහෝ කාන්තාවන් ඉන්නවා කියලා අපි දන්නවා. යුද්ධය අවසන් වී බොහෝ කල් වුණත් ඒ සාමය හදවත් තුළ අදටත් නැහැ. තවමත් කාන්තාවන් ඉන්නවා තමන්ගේ පවුලේ අයට මොකක්ද වුණේ කියලා හොයා ගන්න බැරුව. තනියම තම පවුල රැක ගන්න මහන්සි වෙන බොහෝ කාන්තාවන් ඉන්නවා.

    අපේ රජය ජාතිවාදයට එරෙහිව ලොකු සටනක් ගෙනියනවා. මේ රටේ සියලු දෙනාට ආරක්ෂිතව, සමාන අයිතීන් ඇතිව ජීවත්වෙන්න අවශ්‍ය බව අපි දන්නවා. නමුත් තාමත් ජාතිවාදී කඳවුරු උත්සාහ කරනවා එකිනෙකා අතර අසමගිය ඇති කරන්න. ඒ අයට දූෂණය නතර කරලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, නීතිය සමානව ක්‍රියාත්මක කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය නැහැ. ඒ අයට අවශ්‍ය බලය ලබා ගැනීම පමණයි. ඒ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නෙමයි ඔවුන් වෙනුවෙන් පමණයි.

    ජාතිවාදයෙන් බැටකාපු ප්‍රධාන කොටසක් තමයි කාන්තාවන්. අපි ආපහු බෙදලා අසමගිය ඇති කරන්න ඉඩ දිය යුතුද? නැහැ නේද ඒකට කාන්තා නායකත්වය අවශ්‍යයි. අපි පටන් ගත්ත වෙනස ඉදිරියට ගෙනියන්න කාන්තා ඔබත් ඉදිරියට එන්න. අපිට කරන්න තව ගොඩාක් වැඩ තිබෙනවා. ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

    February 16, 2026

    ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව

    February 16, 2026

    ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධන ආයෝජනයන්ට බදු සහන ලබාදීමට තීරණයක්

    February 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

    February 16, 20260116 Views

    විදුලිබල ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක් ලබන 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ. ඒ…

    ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව

    February 16, 2026

    ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි

    February 16, 2026

    ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධන ආයෝජනයන්ට බදු සහන ලබාදීමට තීරණයක්

    February 16, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.